Saturday, March 1, 2014

අන්දරේ vs සින්දරේ සහ සින්දරේ vs අන්දරේ.

                                       

                         මේ කතාවේ අන්දරේ කියන්නේ අපි කව්රුත් දන්න අන්දරේම තමයි. රජතුමා වගේම රට වැසියනුත් හිනස්සපු අන්දරේලා එදා වගේම අදත් අප අතරේ  ඉන්න බව නම් මතක් නොකරම බැ. එදා අන්දරේලාගේ රස කතා අහන්න රජ වාසලට යන්න උනාට අද නම් එහෙම යන්න ඕන නැ.රාත්‍රී 8.00 ට කියන කතා වලින් හ‍රි , වැට නැති කටින් හරි  ඔක්කොම අහන්න , දකින්න  පුළුවන්. අපේ  වර්ථමාන රජ තුමාගේ කවටය නම් දැන් ඉන්නේ කැලණිය පැත්තේ. එතුමා බැහැදකින්න නම් කැලණිය පැත්තේ රව්මක් ගහන්න වෙනවා. එතුමා නම් අන්දරේගේ වගේ කවට වැඩ වලට පමණක් සිමා වෙච්ච කෙනෙක් නෙමෙයි . තව තව ලොකු ලොකු  වැඩ ගොඩාරියක් කරනවා කියලයි ආරංචි. ප්‍රස්නේ තියෙන්නේ කොච්චර  වෙනත් ලොකු වැඩ කලත් රජතුමාට පෙන්නේ ඒවත් කවට කමේ කොටසක් විදිහටනේ. පසුගිය කාලේ ඔන්න ඔය කවටයට විරුද්දව දියවන්න්නාවේ තියෙන කවට පාසලේදී විරෝදතාවයක් දැක් වුවලු. කවට කමටත් තියෙන්නේ මාර තරගයක්නේ. එකනේ මේ ඔක්කොම සෙල්ලං. බලාගෙන යනකොට එදා  වගේම අදත් මේ කවට කම් කිරිල්ලට තරගයක් තිබිල තියෙනවා.

                 අද කතාවේ අලුත් චරිතයක් වන සින්දරේ  ගැන පොඩ්ඩක් කියන්න වෙනවා. සින්දරේ කියන්නේ අන්දරේ වගේම කෙනෙක්. ඔහුත් හැම විටම අන්දරේ පරද්දා රජතුමාගේ හිත දිනා ගැනීමට විශාල වෙහෙසක් ගත කෙනෙක් කියලයි ආරංචිය. ඔහුත් අන්දරේ වගේම රජ වාසලේ ප්‍රසිද්ධ චරිතයක්ලු. අන්දරේ කවට කමක් කලොත් ඊට විරුද්ධ තවත් කවට කමක් කිරීම මේ සින්දරේගේ සිරිතලු. මේ විස්තර අපට කිවේ වර්තමාන යුද සේනාවේ හිටපු සාමාජිකයෙක් සේම ඉන්පසු සුප්ප්‍රසිද්ධ  දෙමළ භාෂා ගුරුවරයෙක් වන අපේ ටැමිල් සැර් ගෙනි. ඔහු  අපිට වඩා අවරුදු 3ක් පමණ වැඩිමහල්ය. රාජ්‍ය සේවයට අවට පස්සේ අපිටත් දැන් දෙමළ ඉගෙනගන්න වෙලා. කොරන්න දෙයක් නැ. එක රාජ්ජය භාෂා ප්‍රතිපත්තිය කියනවනේ.
මේ කියන්න යන්නේ අන්දරේ මියගිය හැටි.මේක සත්‍ය සිදුවෙමක්ද කියල නම් කියන්න දන්නේ නැ.සෑර්ට අනුව නම් අත්තක්. මේ සම්බන්ද වෙනත් කතාවක් තියෙනවා නම් කොමෙන්ටුවකින් දන්නා හොදේ.
ඔන්න අන්දරෙයි සින්දරෙයි ඔට්ටුවක් ඇල්ලුවලු.

මොකක්ද මේ ඔට්ටුව?

වැඩේනම් ටිකක් බරපතලයි, වැඩේ ගැස්සුනොත් ඉතින්  සොරිම තමා. බෙල්ලම ගහල යනවා.
ඔට්ටුවේ සමහර කොටස් බලදරය විසින් කපා දමපු ඒවා හොදේ. උපරිම වැදගත් විදිහට කියන්න බලන්නම්. මෙතැනදී සමහර වචන හිතාගන්න වෙනවා හොදේ.

ඔන්න සින්දරේට වැඩක් දෙන්න අන්දරේ හිතනවා.

සින්දරේ උඹ මහා පොරක් නම් මෙන්න මේ වැඩේ කරපන්

මේකයි වැඩේ.

රජ බිසවගේ කාමරයට රිංගල රජබිසවගේ ............. බීලා පෙන්නන්න ඕන. වැඩේ බරපතල උනත් සින්දරේ අන්දරේට පරදින්න සුදානම් නැ. සින්දරේ වැඩේ බාරගත්තා.

ඔන්න දවසක් රාත්‍රී බෝජන සංග්‍රහය වෙලාවේ රාජ බෝජන වලට නින්ද යන බේතක් එක්කරනවා. රජ බිසවගේ ආහාර වලට ටිකක් වැඩිපුර දාන්න ඇති මයේ හිතේ.

එදා රැ රජතුමාගේ නිදන කාමරයට  සින්දරේ  හොරෙන්ම රිංගනවා. රිංගන්නේ නිකන් නෙමේ, දොඩන් කටුවකුයි, මරපු සර්පයෙකුයි අරගෙන.

ඔන්න දැන් පළමු පියවර සාර්ථකයි. රජාට ඇහරෙයි වත්ද?. නැ. රජතුමාටත් හොදටම නින්ද ගිහින්.
දැන් සින්දරේ බිසවගේ *&8& එකේ දොඩන් කටුවෙන් දත් දෙකක් වැදුණු විදිහට තුවාල කරනවා. ලේ බින්දු දෙක තුනකුත් ගලාගෙන ගියාලු. දැන් මරපු සර්පයා ඇද  උඩ තබා මාරු වෙනවා.

උදේම රජතුමා සිරියහනෙන් නැගිටිනවා. තවම බිසව නිදි. බලන කොට බිසවට සිහිය නැති වෙලා.
බිසවගේ නයෙක් කලා සිහි නැති වෙලා.

අන්තප්පුරයක් තියාගෙන හිටියට බිසවට ගොඩක් ආදරෙයි නෙ. සර්ප වෙදෙක් හොයන්න අණබෙර ගහන්නලු ලෑස්තිය.

රජතුමනි මට පුළුවන් සර්ප වෙදකම , විස උරන්න ඕන කියල සින්දරේ කියනවා, මොනවා කරන්නද සින්දරේට විස උරන්න දෙන්නම වෙනවා. නැතිනම් බිසව මිය යනවනේ.

මෙන්න බොලේ සින්දරේ බිසවගේ *&*&* .. බොනවා.

දැන් අන්දරේ පරාදයි. එදා ඉදන් සින්දරේ තමයි රජවාසලේ  සර්ප වේදා. ප්‍රොමෝෂන් එකකුත් හම්බ වෙලා.
අන්දරේට දැන් මාර තරහයි. දෙන්න ඕන වැඩක් කියල, දවසක්  අනේ රජතුමනි මට පම්ප් එකක් දාන්න ඕන කියල අන්දරේ කාලයට රිංගනවා.

අනේ රජතුමනි,,, මගේ සර්පයෙක් කැවෝ යයි කෑ ගසමින් දුවගෙන එනවා.

 අන්දරේ තමන්ගේ පම්පින් ගැජමැටික් එකේ කෙලවර  දොඩන කටුවකින් තුවාල කරගෙන ඇවිත්.
බය වෙන්න එපා අන්දරේ, අපේ සින්දරේට කියල විස උරමු.

වහාම සින්දරේ කැදවා  අන්දරේගේ විස නසන්න අණ කරනවා.

මෙන්න සින්දරේ අන්දරේගේ පම්පින් ගැජමැටික් එක  උරණව.

කොහොමද අන්දරේගේ වැඩ , සින්දරේට දෙවැනි නැ, දැන් අයෙත් අන්දරේ දිනුම්.

සින්දරෙත් වැඩේ ඇත ඇරියේ නැ.

රජතුමනි !! , විස උරලා විතරක් මදි  පත්තුවකුත් බදින්න වෙයි සින්දරේ රජතුමාට කියනවා.

අනේ සින්දරේ කොහොම හරි අන්දරේව බේරලා දෙන්න , රජතුමා කියනවා.

මොකක්ද මේ සින්දරේ බදින්න හදන පත්තුව. අන්දරේට දැන් පාඩමක්  උගන්නන්නයි යන්නේ.

සින්දරේ  කහබිලියා කොළ සමග මී පාසානම් එකට අබරා පත්තුව බදිනවා. මෙන්න මේකයි සිදරේගේ නිට්ටාවටම හොද වෙන බේත.

ඔයාල අහල තියෙනවද අන්දරේ මිය ගිය ඉරියව්ව ගැන. අත් සහ කකුල් විහිදුවමින්  සිටි ඉරියව්වෙන් තමයි ලු මිය ගිහින් හිටියෙත්. එක දකින කොටත් මිනිස්සුන්ට හිනා ගියා කියලයි කිය වෙන්නේ. සින්දරේගේ පත්තුවේ  වේදනාවට තමයිලු එහෙම මිය ගිහින් තියෙන්නේ. පොටෝ එකේ තියෙන්නේ ඒ ඉරියව්ව.

ඔයාල අහල තියෙන කතාව මිට වෙනස් නම්  කොමේ න්ටුවකින් දාන්න.


 ජායාරුපය   http://www.panoramio.com/photo/84287995

Friday, February 14, 2014

මම පවූලක් කඩන්නට ගොස්, අනූනමයෙන් බේරුනෙමි.

            

                          පෙබරවාරි 14 වැලන්ටයින්  දිනයයි. වැලන්ටයින්  දිනය වෙනුවෙන් කීපදෙනෙකුම අපූරු  නිර්මාණ ඉදිරිපත් කර තිබිණි. එම නිර්මාණ දැකීමෙන් මම සතුටට පත් උනෙමි. ආදරය පිලිබදව හරවත්ව දකින තරුණ පිරිසක් ද  අද සිටින බව ඒ තුලින් තහවුරු විය. වැලන්ටයින් දිනය අද වාණිජ කරණය වී හමාරය. ආදරය තුල විස්වාසය යන වචනයට විශාල වටිනාකමක් ඇත. විස්වාසය නැති තැන  ආදරය නැත. ආදරය කරන කාලයේ සිට අප මියයන තෙක්ම විස්වාසය රැකිය යුතුය. මෙයට ප්‍රතිවිරුද්ධ වචනය අවිස්වාසයයි.  ඒ හැම විටම සැකය ඇති විම තුලිනි. දෙදෙනෙකු තුල අන්නොන්ය අවබෝදය ඉතා වැදගත්ය. සැකය නිසා පවූල්  ජිවිත අවුල් වූ අවස්ථා අප ඕනෑතරම් අසා තිබේ.

         ඔබ නිවසේ නැති රාත්‍රියක බිරිදගේ නිදන කාමරයෙන් රාත්‍රී 11 ට පමණ පිරිමි කටහඩක් ඇසුනොත් ඔබට ඇතිවන ක්ෂණික කෝපය , ආවේගය කොතරම්ද?. ඒ තුලින් ඇතිවන සැකයේ ප්‍රබලත්වය  විවාහ දිවිය විනාශ වීමට ද  බලපානු ඇත. මම අද  ලියන කෙටි කතාව එවැනි  අත්දැකීමකි.

           මම මීට වසර 7 කට පමණ පෙර  කිරුලපන ප්‍රදේශයේ එක්තරා පුද්ගලික ආයතනයක සේවය කලෙමි. මා නැවතී සිටියේ කිරිබත්ගොඩ  නැදෑ වෙන අපේ අක්කා කෙනෙකුගේ ගෙදරය. එහි මට වඩා අවුරුදු  7ක පමණ බාල නෑදැවෙන පුතෙකුද,  නැවතී සිටියේය. ඊට අමතරව පුද්ගලික රෝහලක හෙද නංගි කෙනෙකුද නැවතී සිටියාය.

          අක්කා ට අවරුදු  2ක් පමණ කුඩා පුතෙකුද සිටි අතර  සැමියා පොලිසියේ රාජකාරි කරන ලදී. අක්කා මට වඩා අවරුදු  4ක් පමණ වැඩිමල්ය. ඇය කුඩා කල අප සමග එකට සෙල්ලම්කල  කෙනෙක් වූ අතර  ඇතැම් දිනවල  මා සමග එකම ඇදේ නිදාගත් අවස්ථාද ඇත.     ඒ පුන්චි කලේ හොදේ.

       එදා ඉරිදා දිනයක් විය. මම නිවසේ සිට බෝඩිමට යනවිට හවස 6.30 පමණ විය. සිටියේ  අක්කා සහ පුතා පමණි. එදා හෙද නංගි ගේ රාත්‍රී වැඩ මුරයයි. අයියාද එසේමය. පුත්‍රයාද එසේමය. එදා මම නොපැමිණියේ නම් අක්කා කුඩා පුතු සමග  තනිවම රාත්‍රිය ගතකරන්නට  සිදුව තිබු දිනයකි. අක්කා මගේ දුරකතනයට ඇමතුම් ගත්තද එය අසාර්ථක වි ඇත. දුරකථනය මම ගෙදර අමතක කර දමා පැමිණ ඇත. මම බෝඩිමට පැමිණි විට  අයගේ මුනට  එළියක්  ලැබුණු බව මට මතකය.

      රාත්‍රී 9.30 ට විතර නිදාගන්නට  ගිය විට යි මට මතක් උනේ උදේට එලාම් තියන්න  පෝන් එකක් නැති බව.

මම අක්කා ඇමතුවෙමි.

අක්කේ හරි වැඩේනේ  මගේ පොනේ එක ගෙදර අමතක උනානේ.
එලාම් තියෙන ඔරලෝසුවක් තියෙනවද? ඇසුවෙමි.

ඔරලෝසුවක් නැනේ මල්ලි , මගේ පෝන් එක දෙන්නද ඇසිය. මට වෙන විකල්පයක් නොවිය. මම නැවත ගෙදර යන්නේ ලබන සතියේය . සතියක්ම දැන් මේ දුක විදින්නට වෙනවාය.

කමක් නැද්ද අක්කේ? . අයිය කෝල් කරයිද ?.

කමක් නැ. ඔයා වෙලාව තියාගන්නකෝ  කියා දුරකථනය මා ඇත තැබිය.

          මම වෙලාව තබා දුරකථනය කොට්ට්ටය ලග තබා නිදාගත්තෙමි. නුවර සිට කොළඹට සෙනග වැඩිම වෙලාව ඉරිදා සවසයි. හිටගෙනම ආ නිසා මහන්සියටත් එක්ක මට ඉක්මනින්ම නින්ද ගියේය.

එක පාරටම දුරකථනය නාද වෙන්නට විය.මම සිතුවේ එලාම් එක වදිනවා කියාය. නැත .අයියගෙන් කෝල් එකකි. වෙලාව රාත්‍රී 11 පසු වි තිබිණ. මම වහා අක්කාගේ කාමරය දෙසට දිව යන ලදී.

අක්කේ අක්කේ අයියගෙන් කෝල් එකක් කියමින් ගියෙමි. 
මට එකවර කාමරය තුලට යාමට සිත් දුන්නේ නැත. ඇය නැගිට ආවාය. ඒ වනවිට දුරකථනය බොහෝ වෙලාවක් නද වෙමින් තිබුන නිසා කට්  වේ යයි සිතා  ok බොත්තම ඔබා    "උස්සලා තියෙන්නේ කියමින් " අක්කාට දුන්නෙමි.  ඒ ය නැවත පිළිතුරු දීමට ගොස්  කට් කරගැනී යන බය නිසාය. එය කියපු අකාරය අවවාදාත්මක ප්‍රාකාශයක් බදු විය.

අවාසනාවක මහත.

 අයියාට එය ඇසිණ.

        අයිය උස මහතා කළු හැඩිදැඩි සිරුරක්  ඇති කෙනෙකි . දැක්ක විට බිය උපදවන සුළු ගම්භිර පෙනුමකින් යුත් පොලිසියටම ගැලපෙන පෙනුමකින් යුත් කෙනෙකි.

අක්ක හෙලෝ කීවාය. අයියාට යකා නැග්ගේය. දැන් අයිය ෆයර් විය.

මට හීන්  දාඩිය දැම්මේය.

මොකාද ඔතන ඉන්න එකා?. අක්කාට උත්තර දෙන්නට අවස්තාවක් නැත. අයියා බැනගෙන බැනගෙන යයි. මම මාර අසරණ විය. සියල්ල මම නිසාය.

මම මෙය නිවැරදි කරන්නට ගියහොත් ඇවිලෙන ගින්නට පිදුරු දැම්මා වැනිය. ඉන් ඇතිවන තත්වය මට මැවී පෙනින.

ඔහු ඇත ගිනි අවියක් ඇත. ක්ෂණික කෝපය නිසා ඔහු එය ඔහුටම එල්ල කර ගැනීමේ හැකියාව ඇත. නැතහොත් ඉන් අනිත් පැත්තයි.

අක්කාගේ වරදක්ද නැත. මගේ වරදක්ද නැත. අයියාගේ වරදක්ද නැත . ඔහුද සාදාරණය. සියල්ල තීරණය වන්නේ  අන්නොන්ය විස්වාසය මතය.

විශාල කාලගොස්ටියකි.

මේ මල්ලි, මල්ලි , අපේ මල්ලි, යයි අක්කා කියයි. එතනින් එහාට කියන්නට  අවස්තාවක් නැත.

අක්කා අසරණය. මම අක්කා දෙස බැලුවෙමි. මා ලග සිටි නිසා අක්කා පිළිතුරු දිමෙමට මැලිකමක් දක්වනවා යයිද මට සිතින. මම ඉන් ඉවත් උනෙමි. දෙදෙනාට  ගැටලුව විසදාගන්නට දී මම බලා සිටියෙමි. මම දෙලොවක් අතරය.

පැය කාලකට පමණ පසු සිද්දිය ඔහුට තේරුම් කර දීමට අක්කාට හැකිවිය.

අක්කා මට මල්ලි යයි කතා කලාය. මම ලගට ගියෙමි.
මෙන්න පෝන් එක වෙලාව තියාගන්න කියා දුරකථනය මා අත තැබිය.

     මම අක්කා දෙස බැලුවෙමි. ඇය කිසිවක් සිදු නොවුනාසේ සිටීමට උත්සහ කරනු පෙනිණ. ඇයව මෝහතකටවත් අයියා විසින් අවිශ්වාස කල බව පෙන්නීමට අකමැති බව මට වැටහිණ. මම ඇයට බාද නොකර  "හා අක්කේ " කියා දුරකතනයද රැගෙන මගේ කාමරයට ගියේය. අප තිදෙනා මේ වන තුරුත් ඒ ගැන නැවත කතා නොකලේය. අපි අපිව තේරුම් ගත්තෙමු.


         අප භාහිරින් දකින දෙයට වඩා ගැටලුවේ ඇතුලාන්තය සම්පුර්ණයෙන්ම වෙනස්ය.ක්ෂණික කෝපය තුල අයිය කටයුතු කලානම් විශාල විනාසයක් වීමට ඉඩ තිබිණ. සැම විටම බුද්හිධියට ඉද දිය යුතුය. හැගීමට වහල් නොවිය යුතුය. ගැටළුවක් විසදීමට සාදාරණ කාලයක් ගත යුතුය. එවිට සුදුසුම හා නිවැරදිම විසදුම ඔබට නිසැකවම ලැබෙනු ඇත. 

Monday, February 3, 2014

රජීව් ගාන්ධිට තුවක්කු බට ප්‍රහාරයක් - ඉන්දියන් හමුදාව හා පොල්තෙල්.

                       
                  
                     
    ''ජේ.ආර්.ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරපු එකට ප්‍රේමදාස මැතිතුමා තදින් විරුද්ද උනා. රට පුරා කළු කොඩි දැම්මා . එදා ප්‍රේමදාස මහත්තයා කොලැබ්න් පිට තැනක හිටියේ. අපටනම් ප්‍රේමදාස මහත්තයා කිවේ මේක අත්සන් කරන එක මට කිවේ නැනේ , එහෙනම් මාත් යනවා කියල. කලින් ගිවිසුම ගැන ප්‍රේමදාසට ආරාධනා කලානම් එතුමා යන්න ඉඩ තිබුනා. නමුත් මේක නිසා රජීව් ගාන්දි එක්ක අමනාපයක් තිබුනේ නැ . එතුමා නවදිල්ලි ගිහින් රජීව් ව සුහදව හමුඋනා.නමුත් ජනතාව තුල ඉන්දියන් හමුදාවට තිබුණු අප්‍රසාදය උඩ ප්‍රේමදාස ජනපති උන ගමන් කලේ ඉන්දියන් හමුදාව යවපු එක.''

                                                        ''ප්‍රේමදාස ජනපතිගේ පුද්ගලික ලේකම් එෆ්.ඩි.බාලසුරිය මහතා.'' කල ප්‍රකාශයකි. ජයරුප අන්තර්ජාලයෙනි.

                  ගිවිසුම අත්සන් කලා මොහොත.

                          ප්‍රහාරය එල්ලකළ සෙබල අත්අඩංගුවට.


                  මෙය පසුගිය ඉරිදා ලංකාදීප පත්‍රයේ පල වූ සාකච්චාවක කොටසකි . මෙම සාකච්චාවේදී කියවූ මට අපුරු කතාවක් මතක් විය. කෙසේ නමුත් ඉන් දී යන්  හමුදාව මෙරටට ගෙන්වා ගත්තේද ඔවුන් මය , පලව හැරියේද  ඔවුන් මය.මෙරටට ත්‍රස්තවාදය සදහා මුල සිටම උදව් උපකාර කලා රටක් ලෙස ඉන්දියාව හැදින්වුවහොත් එය නිවැරදිය.මෙය සමස්ත ඉන්දියාවටම අදාල නොවුනද දකුණු ඉන්දියාවට ඇගිල්ල දික්කිරිම  වැඩ යෝග්‍ය  යයි මගේ අදහසයි. ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ද දේශපාලන උප්පරවැට්ටි එමටය. ලංකාවේ මෙන්ම ඉන්දියාවේද තම බලය වෙනුවෙන් ඕනෑම ජරා වැඩක් කිරීම තම දේශපාලන සංස්කෘතිය කරගෙන ඇත.ජන්දයක් ලන්වනවිට මෙය මනාවට පිළිබිඹු වේ.

                     දකුණු ඉන්දියානුවන් වැඩි පිරිසක් චුන් කල බෝනික්කන් වැනිය. චූන් වන්නේ ජනතාවයි. චූන් කරන්නේ දේශපාලකයාය.  අභ්‍යන්තර ප්‍රස්නයක් මත තම ජනතාව චූන් කලද අපට ප්‍රස්නයක්  නැත. ප්‍රශ්නය වන්නේ අල්ලපු ගෙදර මහින්ද නිසා ජයලලිතා චූන් වීමය. විය යුත්තේ එසේ නොවේ. කරුණානිදි නිසා ජයලලිතා චූන් වීමය. තරගය ඇත්තේ ඔවුන් දෙදෙනා අතරය. නමුත් ඔවුන් එකම ජන කොටසක කොටස්කරුවන්ය. ඔවුන්ට තම ප්‍රාන්තයේ ගැටළු විසදීමට උවමනාවක් නැත. ඉන්දියාවෙන් 75% පමණ  අන්ත දිලිදු ජනතාවක් වාසය කරයි. ශාපෙක්ෂාව බලන කල යාපනයට වඩා දිලිදුය.

                තම ජනතාව අවුස්සමින් තම බලය රැක  ගැනීමේ මෙහෙයුමක  නිරතව සිටී. අලුත්ම පිල්ලිය කරුනනිදිගේ දියනියයි. ඉවක් බවක් නොමැතිව තම පියා මෙන් දෙමල ජනතාව අවුස්සයි. ඇතැමුන් ශ්‍රී ලංකාවේ දෙමල ජනතාව  වෙනුවෙන් කියා සිරුරට ගිනි තබා ගනී. මේවට අනුබල දෙන්නේද මොවුන්මය. තම ජනතාවට අධ්‍යාපනය වෙනුවට නිතරම ආරෝපණය කරන්නේ වෙරයයි. එවිට තමන් ඉන්න ස්ථානයද අමතක වේ. ජය පරාජය විදදරා ගැනීම පවා ඔවුන්ට කලා නොහැක. මෙය ක්‍රිකට් ක්‍රීඩාව තුලින් පෙන්නුම් කර හමාරය.
           
අද ශ්‍රී ලංකාවේ නිදහස් දිනයයි. තම දිවි පරදුවට තබා නිදහස වෙනුවෙන් සටන් කල අපගේ  විරුවන්ට උපහාරය පුද කිරීමටද මා මෙය අවස්ථාවක් කර ගනිමි. එය අප සදා අමතක නොකරමු. මතු පරපුරටද අප එය නිසි ලෙස මතක් කර දිය යුතුව ඇත. ඒ එදා ඔවුන් ක්‍රියා කලා ආකාරය නිසාවෙනි.
ඉන්දියාවෙන් බිහිවූ ශ්‍රේෂ්ඨ යුග පුර්ශයකු වූ මහත්මා ගාන්ධ් චින්තනය අද ඔවුන් අනුගමනය කරනවාද යන්න ගැටලුවකි. එය අද භාවිතා කරන්නේ වෙනත් රටවල්ය.ඉන්දියානු නිදහස් සටනේ නායකයකු තම ජනතාවට දුන් උපදේශයක් මට මතක් විය. එනම් දුටු තැන කක්කා කිරීමය. දුටු තැන  චූ කිරීමය. ඒ ඉංග්‍රීසින්ට තම රට සහ ජනතාව එපා කර වීමේ අදහසිනි. එය නම් අකුරටම ඉටු කරන ලදී. ඉන්දියාවෙන් සුද්දන් පන්නා දැන් වසර 60 කටත් වැඩිය. නමුත් තවමත් ඔවුන් දුටු තැන කක්කා කරයි, චූ කරයි. මහපාරේ එළිපිට තවමත් මෙය සිදුවේ.

               ජයලලිතලට සහ කරුණානිදිට පළමුව කල යුත්තේ ජනතාවට චාරය කියා දීමය. වැසිකිලි ටිකක් හදා දීමය. කක්කා කරන ආකාරය කියා දීමය. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩකලා යයි බොරු චෝදනා නොකර තම ජනතාවට සේවය කිරීමය.
               එල්.ටි.ටි.ය  රජිව් ගාතනය හමුවේ ජනතා විරෝදය.

              ඇතැම් අවස්ථා වලදී අහක යන නයි රෙද්ද අස්සේ දා ගත්තේය. නයින්ට කිරිපොවා ඇති කලෙය. පසුව කනවෝ කනවෝ කියා  කැ ගැසිය. ඒ ලංකාවට අත ගැසීම නිසාය.ඉන්දියන් හමුදාව ලංකාවට එවන ලදී. අහසින් පරිප්පු දෑමූ බවද අප අසා ඇත.

               මේ කෙටිකතාව ලියන්නට හිතුනේ ඉන්දියන් හමුදාව මෙරටට පැමිණ කල විනාසය මම ඇස් දෙකෙන්ම  දැක ඇති නිසාය.මා ඉතා කුඩා කල සිටියා උවද තවමත් මතකය. අප පාසලේ තිබුනේ ගොඩනැගිලි දෙකකි. එහි රාත්‍රිය ගතකලේ ඉන්දියන් හමුදාවයි. දිවා කාලයේ අප අධ්‍යාපනය හදාරන ලදී. උදෙන්ම පාසලට ගොස් කලා යුතු පළමු රාජකාරිය කානු සුද්ද කිරිමයි. ඔවුන්ගේ ප්‍රියතම පානය පොල්තෙල්ය, අහාරය සබන්ය.සබන් කා පොල්තෙල් බොයි.කෑදර කමේ අඩුවක් නැතිය. දිනක එක්තරා පුවත් පතක ලිපියක් කියවුවෙමි. එහි සදහන් වුයේ එකල ඉන්දියන් හමුදාවට කල් ඉකුත් වූ ටින් ආහාර ලබාදී ඇති බවකි. ඒ සම්බන්දව පරීක්ෂණයක් කලා බවද සදහන් විය. ජරාව කා බී  කාණුවල බොක දමා , වමනය දමා තිබිණි. පොල්තෙල් නිසා කොපමණ සේදුවත් වැඩක් නැතිය.

                     මොවුන් තව වසර දෙක තුනක් මෙරට හිටියානම් අපගේ අහිංසක කාන්තාවන්ට දාව ඉන්දියානු පැටවුන් පිරිසක් බෝ කර යාමේ අවදානම තිබිණ.කාන්තාවන්ට කලා හිරිහැර ලියන්නට අකමැතිය. මෙවන් හිංසාවන් සිදු වුයේ අපගේ බලදරයන්ගේ වැරදි තීරණ නිසාය. ගෙන්වා ගත්තේද ඔවුන්මය. යව්වේද  ඔවුන්මය. ව්දෙව්වේ ජනතාවයි. අශ්වයා පැනගිය පසු ඉස්තාලය වසා වැඩක් නැත. නමුත් සිදු වි හමාරය. දැන් ඇත්තේ ඉදිරිය බැලීමය. අපි අපේ ගමන ඉදිරියටම යමු.

                               ජය ලලිතනි ඔහොම යන්,
                               කරුණානිදි ඔහොම යන්,
                               හැරමිටියෙන් යනෙන කලට ,
                               නෙලුම් කුලුනේ නැග ඉහලට ,
                               සදළුතලෙන් එබි බලනු ,
                              ලොකු අයියගේ පිලේ පැදුර.

                             ජය ලලිතනි ජය වේවා!!

                             කරුණානිදිට ජය වේවා!!............

Friday, January 31, 2014

පරවි අකුරු.


                     මාගේ දශක තුනක් වූ ජිවන ගමන් මගේ පළමු දශක එක හමාර ගෙවී ගියේ අම්පාර නගරයේ සිට කිලෝමීටර් 22 ඇතින් වූ ඇති දුෂ්කර මෙන්ම නිරන්තරයෙන් ත්‍රස්තවාදී ප්‍රහාරයන්ට ලක්වූ මායිම් ගම්මානයක කෙලවරකය. එහි ගෙවූ ජීවිතය දුෂ්කර වුවද එහිදී ලබාගත් අත්දැකීම් ඉතා විශාලය. පළමු වසර 15 මගේ දෙවන වසර 15 ට වඩා ඉතා දීර්ග යයි මට සිතේ. එනම් මගේ අවසන් කාලය , කාලය විසින් සොරගත්තේ කෙසේදැයි මාවත්  නොදනී. පුද්ගලයකු ගැටළු ප්‍රශ්න මත ජිවත්වන විට අපට නොදනීම  කාලය ගත වන බව විටෙක මට සිතේ. ඇතැමුන් සියලු ප්‍රශ්න කාලයට බාරදී ඔහේ බලා සිටින අවස්තාද  ඒමට ඇත. එහි ඇති කාර්යක්ෂමතාවය හා පලදායිතාවය කෙසේ වුවද පාලනය කලා නොහැකි සාධකය වන්නේ කාලයයි. එය කළමනාකරණය කල යුත්තේ අපයි . 
                                 අද මම ලියන කෙටි කතාව මීට වසර 25 කට පෙර සිදුවූ සිද්දියකි. එනම් මාගේ පළමු පාසල් ගමන හා බැදුණු රසබර සිද්දියකි. මාගේ තාත්තා ගමේ සමජසේවක්යෙක් වන අතර ස්වේච්චාවෙන් සියලු කටයුතුවලට මුලිකත්වය දෙමින් කටයුතු කල කෙනෙකි.එම නිසා ගම්මානයක කෙළවරක පිහිටා තිබු පාසලේ විදුහල්පති තුමියත් සමාජ සේවා කටයුතු වලට දායකත්වය ලබා දෙමින් කටයුතු කල කෙනෙකි.මෙම  අදුනුම් කම මත මා නියමිත කාලයට වසරකට පෙර පාසලට ඇතුලත් කිරීමට හැකිවිය. එකල පෙරපාසල යන වචනය වත් අප ගමේ වැසියන්ගේ වචන මාලාවේ ඇතුලත් නොවිණි. පාසැල පවත්වාගෙන යාමද මහත් අසීරු කටයුත්තක් වුයේ ළමුන් පාසලට ගෙන්වාගැනීමට තිබු අසිරුතවයයි . මෙසේ වීමට ප්‍රධනතම හේතුව කුඩා කාලයේම ගොවිතැන් කටයුතු සදහා යොමුකරවීමට තම වැඩිහිටියන්  කටයුතු කල බැවිනි. 
                                   ඒ අනුව බලන කල අපේ තාත්ත කටයුතු කල ආකාරය ඊට හාත්පසින්ම වෙනස්ය. මෙවැනි පරිසරයක් තුල  මා පාසැල වෙත බර දීමට ඊට සතියකට පෙර සිට සුදානම් විය. මුලින්ම කලේ ටේලර් මාමට  කියා සුදු කමිසයක් හා නිල් කලිසමක් මැසිමය. වතුර බෝතලයක්, පාසල් බැගයක් ,අභ්‍යාස පොත් කීපයක්, පන්සලක් , මකනයක් ද එම උපකරණ කට්ටලයට අයත් විය. පැන්සල දෙකට කපා පැන්සල් දෙකක් බවට පත් කළේය .
       නියමිත දිනයේ කිරිබත් කා තාත්තාද සමග පාසලට පිටත් විය. අප පාසලට ගිය විට විදුහල්පති තුමිය අප දෙදෙනා සුහදව පිළිගන්නා ලදී. මම බුලත් හුරුල්ල විදුහල්පති තුමියට දී දණගසා වැන්දෙමි. ඒ අම්මා විසින් ගෙදරදී දුන් උපදෙස්වලට හා තාත්තාගේ අණට  අනුවය. එසැනින් තාත්තා ගාවට ආවෙමි. ඇගේ කටහඩ ගොරෝසුය. 
ආ පුතා කොහොමද ? ,,,

මොකක්ද ඔයාගේ නම ?,,,

මම බිරාන්ත වි බලාසිටියෙමි.

  නම කියන්න ටිචට  තාත්ත අනකරන ලදී. කුමා යි නැසෙන හඩින් මම කීවෙමි.
ඇය චුට්ටා මල්ලි අයියට කෝටුපාර දුන් හැටි ඔහු මා සමග පෙර දිනක කි හැටි මතක් විය.
මම ටිකෙන් ටික ආපස්සට පැමිණ තාත්තට මුවා  උනෙමි.
අයියෝ මොකද පුතා බයද , බය වෙන්න එපා ,
ඉන්නකෝ මම ඔයාට පොඩි බඩුවක් දෙන්න කියා ඇය පුටුවෙන් නැගිට පිටුපස වූ පෙට්ටියකට ඇත දමා මාරි අහුරක් අතට ගත්තාය.
                           මම පුටුවක හිද සිටි තාත්තාගේ කරට ඉහලින් ඒ දෙස බල සිටියෙමි.
ඇය නැවත පැමිණ පුටුවේ ඉද ගත්තාය.
පුතා මාරි කනවද. හැමදාම ඉස්කෝලේ අවොත් බිස්කට් කන්න පුලුවන් , යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන් යයි කියාගෙන ගියා  මට මතකය. 

   මා ටිකෙන් ටික ඇ වෙත ලංවී අත දිගු කලෙමි.

ඉතා ඉක්මනින්ම  ඇය මා මිතුරු කර ගත්තාය. 

'' අ'' අකුරද ඒ මොහොතේ ඇය විසින් ලියවන ලදී.
මේ මගේ පළමු පාසල් ගමනයි. එය පය බාගයකට සීමා විය.තාත්තා සමග නැවත ගෙදර ආවෙමි.
නිවසට ලංවන විට පාර  දෙස නොඉවසිල්ලෙන් බලාසිටින අම්මා මා ඈත තියාම දැක්කෙමි.

අම්මේ මට ටීචර් බිස්කටුත් දුන්නා කියා  මම ඈත සිටම කැ ගැසුවෙමි.

  පසුදින සිට මම අපේ ගමේ ගැන්සිය සමග පාසල් යැවීමට අම්මා තීරණය කලාය.චුට්ට මල්ලි අය්යලගේ ගෙදර තුන් දෙනෙක්ම පාසල් යයි. එදින හවසම අම්මාද සමග මම චුට්ට මල්ලි අය්යලගේ ගෙදර ගියෙමු.
එදින සිට මමද පාසල්යන ගැන්සියේ සාමාජිකයෙකි.

පසුදින වෙනදාටත් වැඩ උදෙන්ම නැගිට ලෑස්ති වි චුට්ට මල්ලි අය්යලගේ ගෙදරට ගොස් ගැන්සියට සෙට් විය. 
පාසලට ගොස් චුට්ට මල්ලි අය්යගේ එක වසර පන්තියේ ඔහු අසලම වා ඩි විය. 
 දැන්  ටීචර් පන්තියට ආවාය. 
ටිචර් කලුලල්ලේ එක එක ජාතියේ අකුරු ලියන්න පටන්ගත්තාය..මම කවදාවත් අකුරු ලියා නැත.
මම වටපිට බැලුවෙමි. සියල්ලෝම අකුරු ලියයි, ඇතැමුන් මකමකා  අකුරු ලියයි.

මම බිරාන්ත වි බල සිටියෙමි.

මේසය උඩ පොත දිග අර ඇත. පන්සලේ නැවුම් සුවද මගේ නහයට දැනේ . එපමණකි.

ටීචර් අකුරු පේලියක් කලුලල්ලේ ලියා යන්නට ගියාය.

 මම පොතේ කිසිවක් ලියා නැත . 

එක පාරටම මගේ අනිත් පැත්තේ සිටි අයිය කැගැසිය.

කෝ ඔයා ලියන නැත්ද. මොකද ලියන්නැත්තේ.

මම අකුරු ලියන්න දන්නේ නැ. මම කීවෙමි.

ආ එහෙනම් හම්බෙයි සබ්බුව ,,,හම්බෙයි සබ්බුව ,,, ඔහු අනතුරු ඇගවීමක් කරන ලදී.

සබ්බුව යනු දඩුවම් දෙන ක්‍රමයක් යයි මට සිතේ. කොහොම උනත් කියපු ක්‍රමය අනුව එය දරුණුය.
මම බය උනෙමි . අඩේන්නට  වගෙය.

මෙන්න මේ මල්ලි එකක් වත් ලියල නැ. ටීචර් අවොත් වදී කෝටුපාර  .,,

චුට්ට මල්ලි අයියද තිගැස්සිණි.

මම අසරණ වි චුට්ට මල්ලි අයියා දෙස කදුළු පිරි දෑසින් අහිංසක ලෙස බැලුවෙමි.

මගේ ගැලවුම් කාරය ඔහුය. ඔහු කියන දෙයක් මම කල යුතුය.

ටීචර් පන්තියට පැමිණෙන ආකාරයත් මගෙන් ප්‍රශ්න  කරන ආකාරයත් මට දැන් මැවී පෙනේ.
මට තාත්තා සිහිවිය.තාත්තා සිටියානම් මම  බේරාගනු ඇත. ඒ විදුහල්පති තුමිය තාත්තාගේ මිතුරියක් නිසාය.
පන්ති භාර ගුරුවරිය වෙනත් කෙනෙකි. 

මල්ලි කොහොම හරි ලියන්න . නැත්නම් ගුටි කන්න වෙයි. ඒ චුට්ට මල්ලි අයියාය. ඔහු එක අකුරක් ලිය පෙන්නුවේය, 

මේ විදිහට ලියන්න. 

මම උත්සහ කලෙමි, ලියන්නට බැරිය. මේවා රවූම් අකුරුය.අමුතුම ජාතියේ ඒවාය.එක අකුරක් ලියන්නට උත්සහ කලෙමි.පිටුවේ පළල මදිය.

චුට්ට මල්ලි අයියට කතා කලෙමි.

අයියේ මම ලියන්න දන්නේ නැ.

හා කමක් නැ, ඔය තාම පොඩිනේ,

එහෙනම් මල්ලි ඔය අර කලුලාල්ලට උඩින් බිත්තියේ ලියල තියෙන අකුරු ඔයාට පේනවද.

ඔව්. අයියේ.

ඒවා ලියල තියෙන්නේ අකුරු ලියන්න බැරි අයට ලියන්න, ඔය අලුත් පිටුවක් අරන් ඒ අකුරු ලියන්න.
ඒ අකුරු ලේසි නේද. 

ඔව් අයියේ.

මම ඉතා විමසිල්ලෙන් බිත්තිය දෙස බැලුවෙමි .
ඇත්තටම ඒ අකුරු ලෙසිය. ඉහල සිට පහලට ඇද ඇති ඉරි වගයකි.ඇතැම් ඒවා තරමක් දිගය. ඇතැම් ඒවා කොටය. ඇතැම් ඒවා කුඩා තිතක් වගේය.

චුට්ට මල්ලි අයිය මාව  ගොඩ දැම්මේය.

මම පිටුවක් පිරෙන්නම ලියාගෙන ගියෙමි.නැවතත් මම බිත්තිය දෙස බැලුවෙමි . 

එක් වරම පරවියෙක් පියබා විත් බිත්තියේ ඉහල දාරය  උඩ වැසුවාය. මාගේ ඇස පරවියා  දෙසට යොමුව ඇත,
මා දැන් අකුරු ලිවිම පසෙක ලා පරවිය දෙස බලා සිටි. එක් වරම පරවියා වර්චෙස් පිඩක් හෙලා පියබා ගියේය. එම වර්චෙස් පිඩද බිත්තියේ ඉහල සිට පහලට තරමක් දිගට  ඉරක් මෙන් සලකුණක් තැබුවාය.
මම ඒ අකුරද සමග පිටුව සම්පුර්ණ කලෙමි.

සිලින් සිලින් සිලින්න්,,,,,,,,,,,, බෙල් එක නාද විය.

මල්ලි දැන් අපිට බනිසසුයි කිරියි දෙන වෙලාව, කෝප්පේ අතට ගන්න.,,,,,,