Saturday, March 1, 2014

අන්දරේ vs සින්දරේ සහ සින්දරේ vs අන්දරේ.

                                       

                         මේ කතාවේ අන්දරේ කියන්නේ අපි කව්රුත් දන්න අන්දරේම තමයි. රජතුමා වගේම රට වැසියනුත් හිනස්සපු අන්දරේලා එදා වගේම අදත් අප අතරේ  ඉන්න බව නම් මතක් නොකරම බැ. එදා අන්දරේලාගේ රස කතා අහන්න රජ වාසලට යන්න උනාට අද නම් එහෙම යන්න ඕන නැ.රාත්‍රී 8.00 ට කියන කතා වලින් හ‍රි , වැට නැති කටින් හරි  ඔක්කොම අහන්න , දකින්න  පුළුවන්. අපේ  වර්ථමාන රජ තුමාගේ කවටය නම් දැන් ඉන්නේ කැලණිය පැත්තේ. එතුමා බැහැදකින්න නම් කැලණිය පැත්තේ රව්මක් ගහන්න වෙනවා. එතුමා නම් අන්දරේගේ වගේ කවට වැඩ වලට පමණක් සිමා වෙච්ච කෙනෙක් නෙමෙයි . තව තව ලොකු ලොකු  වැඩ ගොඩාරියක් කරනවා කියලයි ආරංචි. ප්‍රස්නේ තියෙන්නේ කොච්චර  වෙනත් ලොකු වැඩ කලත් රජතුමාට පෙන්නේ ඒවත් කවට කමේ කොටසක් විදිහටනේ. පසුගිය කාලේ ඔන්න ඔය කවටයට විරුද්දව දියවන්න්නාවේ තියෙන කවට පාසලේදී විරෝදතාවයක් දැක් වුවලු. කවට කමටත් තියෙන්නේ මාර තරගයක්නේ. එකනේ මේ ඔක්කොම සෙල්ලං. බලාගෙන යනකොට එදා  වගේම අදත් මේ කවට කම් කිරිල්ලට තරගයක් තිබිල තියෙනවා.

                 අද කතාවේ අලුත් චරිතයක් වන සින්දරේ  ගැන පොඩ්ඩක් කියන්න වෙනවා. සින්දරේ කියන්නේ අන්දරේ වගේම කෙනෙක්. ඔහුත් හැම විටම අන්දරේ පරද්දා රජතුමාගේ හිත දිනා ගැනීමට විශාල වෙහෙසක් ගත කෙනෙක් කියලයි ආරංචිය. ඔහුත් අන්දරේ වගේම රජ වාසලේ ප්‍රසිද්ධ චරිතයක්ලු. අන්දරේ කවට කමක් කලොත් ඊට විරුද්ධ තවත් කවට කමක් කිරීම මේ සින්දරේගේ සිරිතලු. මේ විස්තර අපට කිවේ වර්තමාන යුද සේනාවේ හිටපු සාමාජිකයෙක් සේම ඉන්පසු සුප්ප්‍රසිද්ධ  දෙමළ භාෂා ගුරුවරයෙක් වන අපේ ටැමිල් සැර් ගෙනි. ඔහු  අපිට වඩා අවරුදු 3ක් පමණ වැඩිමහල්ය. රාජ්‍ය සේවයට අවට පස්සේ අපිටත් දැන් දෙමළ ඉගෙනගන්න වෙලා. කොරන්න දෙයක් නැ. එක රාජ්ජය භාෂා ප්‍රතිපත්තිය කියනවනේ.
මේ කියන්න යන්නේ අන්දරේ මියගිය හැටි.මේක සත්‍ය සිදුවෙමක්ද කියල නම් කියන්න දන්නේ නැ.සෑර්ට අනුව නම් අත්තක්. මේ සම්බන්ද වෙනත් කතාවක් තියෙනවා නම් කොමෙන්ටුවකින් දන්නා හොදේ.
ඔන්න අන්දරෙයි සින්දරෙයි ඔට්ටුවක් ඇල්ලුවලු.

මොකක්ද මේ ඔට්ටුව?

වැඩේනම් ටිකක් බරපතලයි, වැඩේ ගැස්සුනොත් ඉතින්  සොරිම තමා. බෙල්ලම ගහල යනවා.
ඔට්ටුවේ සමහර කොටස් බලදරය විසින් කපා දමපු ඒවා හොදේ. උපරිම වැදගත් විදිහට කියන්න බලන්නම්. මෙතැනදී සමහර වචන හිතාගන්න වෙනවා හොදේ.

ඔන්න සින්දරේට වැඩක් දෙන්න අන්දරේ හිතනවා.

සින්දරේ උඹ මහා පොරක් නම් මෙන්න මේ වැඩේ කරපන්

මේකයි වැඩේ.

රජ බිසවගේ කාමරයට රිංගල රජබිසවගේ ............. බීලා පෙන්නන්න ඕන. වැඩේ බරපතල උනත් සින්දරේ අන්දරේට පරදින්න සුදානම් නැ. සින්දරේ වැඩේ බාරගත්තා.

ඔන්න දවසක් රාත්‍රී බෝජන සංග්‍රහය වෙලාවේ රාජ බෝජන වලට නින්ද යන බේතක් එක්කරනවා. රජ බිසවගේ ආහාර වලට ටිකක් වැඩිපුර දාන්න ඇති මයේ හිතේ.

එදා රැ රජතුමාගේ නිදන කාමරයට  සින්දරේ  හොරෙන්ම රිංගනවා. රිංගන්නේ නිකන් නෙමේ, දොඩන් කටුවකුයි, මරපු සර්පයෙකුයි අරගෙන.

ඔන්න දැන් පළමු පියවර සාර්ථකයි. රජාට ඇහරෙයි වත්ද?. නැ. රජතුමාටත් හොදටම නින්ද ගිහින්.
දැන් සින්දරේ බිසවගේ *&8& එකේ දොඩන් කටුවෙන් දත් දෙකක් වැදුණු විදිහට තුවාල කරනවා. ලේ බින්දු දෙක තුනකුත් ගලාගෙන ගියාලු. දැන් මරපු සර්පයා ඇද  උඩ තබා මාරු වෙනවා.

උදේම රජතුමා සිරියහනෙන් නැගිටිනවා. තවම බිසව නිදි. බලන කොට බිසවට සිහිය නැති වෙලා.
බිසවගේ නයෙක් කලා සිහි නැති වෙලා.

අන්තප්පුරයක් තියාගෙන හිටියට බිසවට ගොඩක් ආදරෙයි නෙ. සර්ප වෙදෙක් හොයන්න අණබෙර ගහන්නලු ලෑස්තිය.

රජතුමනි මට පුළුවන් සර්ප වෙදකම , විස උරන්න ඕන කියල සින්දරේ කියනවා, මොනවා කරන්නද සින්දරේට විස උරන්න දෙන්නම වෙනවා. නැතිනම් බිසව මිය යනවනේ.

මෙන්න බොලේ සින්දරේ බිසවගේ *&*&* .. බොනවා.

දැන් අන්දරේ පරාදයි. එදා ඉදන් සින්දරේ තමයි රජවාසලේ  සර්ප වේදා. ප්‍රොමෝෂන් එකකුත් හම්බ වෙලා.
අන්දරේට දැන් මාර තරහයි. දෙන්න ඕන වැඩක් කියල, දවසක්  අනේ රජතුමනි මට පම්ප් එකක් දාන්න ඕන කියල අන්දරේ කාලයට රිංගනවා.

අනේ රජතුමනි,,, මගේ සර්පයෙක් කැවෝ යයි කෑ ගසමින් දුවගෙන එනවා.

 අන්දරේ තමන්ගේ පම්පින් ගැජමැටික් එකේ කෙලවර  දොඩන කටුවකින් තුවාල කරගෙන ඇවිත්.
බය වෙන්න එපා අන්දරේ, අපේ සින්දරේට කියල විස උරමු.

වහාම සින්දරේ කැදවා  අන්දරේගේ විස නසන්න අණ කරනවා.

මෙන්න සින්දරේ අන්දරේගේ පම්පින් ගැජමැටික් එක  උරණව.

කොහොමද අන්දරේගේ වැඩ , සින්දරේට දෙවැනි නැ, දැන් අයෙත් අන්දරේ දිනුම්.

සින්දරෙත් වැඩේ ඇත ඇරියේ නැ.

රජතුමනි !! , විස උරලා විතරක් මදි  පත්තුවකුත් බදින්න වෙයි සින්දරේ රජතුමාට කියනවා.

අනේ සින්දරේ කොහොම හරි අන්දරේව බේරලා දෙන්න , රජතුමා කියනවා.

මොකක්ද මේ සින්දරේ බදින්න හදන පත්තුව. අන්දරේට දැන් පාඩමක්  උගන්නන්නයි යන්නේ.

සින්දරේ  කහබිලියා කොළ සමග මී පාසානම් එකට අබරා පත්තුව බදිනවා. මෙන්න මේකයි සිදරේගේ නිට්ටාවටම හොද වෙන බේත.

ඔයාල අහල තියෙනවද අන්දරේ මිය ගිය ඉරියව්ව ගැන. අත් සහ කකුල් විහිදුවමින්  සිටි ඉරියව්වෙන් තමයි ලු මිය ගිහින් හිටියෙත්. එක දකින කොටත් මිනිස්සුන්ට හිනා ගියා කියලයි කිය වෙන්නේ. සින්දරේගේ පත්තුවේ  වේදනාවට තමයිලු එහෙම මිය ගිහින් තියෙන්නේ. පොටෝ එකේ තියෙන්නේ ඒ ඉරියව්ව.

ඔයාල අහල තියෙන කතාව මිට වෙනස් නම්  කොමේ න්ටුවකින් දාන්න.


 ජායාරුපය   http://www.panoramio.com/photo/84287995

15 comments:

  1. හිනා කාලා බඩ කො‍ර උනා. හි… :D

    සින්දරේගෙ කතානම් අදමයි ඇහුවෙ.නියමයි.

    ReplyDelete
    Replies
    1. පත්තුවක් බදින්න වෙයිද?
      බලමු මේ කතාව තහවුරු කරගන්න,දන්න කෙනෙක් ඇති

      Delete
    2. අම්මෝ… අතක් පයක් කැඩුනත් ආයෙනම් පත්තු එපෝ. ;)

      Delete
  2. කතාව නම් අගෙයි..
    අන්දරේ ගෙ සොහොනෙ පින්තූර ටිකක් තිබුන මෙතන.

    http://sancharacamerawa.blogspot.com/2013/02/tomb-of-andare.html

    ReplyDelete
  3. තැන්ක්ස් චන්දන. මම ගිහින් බැලුව, සොහොන බලන්න යනවා නම් පාරත් දාල තියෙනවා.

    ReplyDelete
  4. අලුත් කතාවක්......පත්තු බැඳපු කොටස කියවද්දී මතක් උනේ කොකාට පත්තු බැඳපු කතාව..... :D

    ReplyDelete
  5. සින්දරේගේ කතාත් අන්දරේට වැඩිය වෙනසක් නෑ වගේ...

    ReplyDelete
    Replies
    1. අපේ සැර්ගෙන් අහන්න ඕන සින්දරේ ගැන තව විස්තර.

      Delete
  6. කතාව නම් මරු ..කුමාත් එහෙමයි නේ ..:)

    මේ කතාව අන්දරේ ගැනය වෙන කා ගැනවත් නෙවෙය .. හැක්

    ReplyDelete
    Replies
    1. කතා නායකයා ඔහුය.

      Delete
  7. බස්සිට ලැජ්ජා හිතිලද මන්දා පත්තු කේස් එකට.

    ReplyDelete
  8. හුටා මේ කේස් එක නං අදමයි ඇහැව්වෙ...
    පරක්කු වෙලා ඇවිත් පරක්කු වෙලා කමෙන්ට් කලාට අහිතක් නොහිගන්න...
    අදයි ආවෙ හැමදාම එන්නං

    ReplyDelete
  9. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය
    http://ahasgawwenehalokaya.blogspot.com

    ReplyDelete