Sunday, January 26, 2014

බස්සිගේ ෆෙරමෝන


                  මගේ පළමු blog කෙටිකතාව  ලියන්නේ මොනවා ගැනද කියල මම ටිකක් කල්පනා කලා. විහිළු කතාවක්ද ,  මගේම  මගේ කතාවක්ද , හිතාගන්න බැ , එතකොට තමයි  මගේ මීටරේට අවේ දැනට සති කීපයකට ඉස්සර බස්සිගේ බෝගේ දාපු ' ගැණු ඉව " කියන පොස්ටුව.

හැබැයි මගේ මංගල පොස්ටුව බස්සිගේ " ගැණු ඉව " සම්බන්ද කිරීම ගැන බස්සා මාත් එක්ක තරහ වෙයිද දන්නේ නැ .
අනේ සොරිම සොරි වෙන්න ඕන බස්සෝ. 

මම වලියට බර කෙනෙක් නෙමෙයි  හොදද.

                       ඇත්තටම බස්සි කියපු දේට මම තවත් කරුණු ටිකක් එකතු කරන්න ඕන කියල හිතුන නිසයි මේ ගැනම ලියන්න හිතුනේ. බස්සි හොද මාතෘකාවක්  ගැන තමයි ලියල තිබ්බේ. ඒ නිසා බස්සිගේ පොස්ට් එක හොදට කියවලම මේ කෙටිකතාව  කියවනවා නම්  හොදයි   කියල මම හිතනවා.

මෙන්න පාර . පොඩ්ඩක් ඒ පැත්තටත්  දුවලම එන්නකෝ.


        මම විද්‍යා විෂයන් ඉගෙන ගත්තේ සාමාන්‍ය පෙලට විතරයි. ඉන් පස්සේ කලට මනාවට කරන වැඩේ ඉගෙන ගන්න තමයි පන්ති ගානේ බඩ ගෑවේ. කොහෙමෙන් කොහෙමෙන් හරි බීඑස්සී කැල්ල  මුලට තියෙන කලට මනාවට  කරන එක පාලනය කරන කැල්ලක්  අගට අලවාගෙන නමට යටින් එල්ලගත්තා කියමුකෝ.   

  දැන් කියවල එන්න ඇති කියල හිතනවා.,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

ඔයාල එනකන් මම අනිත් අයත් එක්ක පොඩි චැට් එකක් දැම්ම ,කමක් නැනේ,,,,

              හරි මම දැන් කියන්න යන්නේ ඔය ඉව කියන දේ කාටත් පොදුයි කියන්න . මොකද  ලෝකේ ඉන්න  ගොඩක් ජීවීන්ට ඉව තියෙනවා, ඔය ඉව කියන දේ වැඩිපුරම තියෙන්නේ මිනිසුන්ට  වඩා සතුන්ටය කියල කියනවනේ.

ඔන්න ප්‍රස්නයක්,  සිංහලට අනුව ශාක යනු ජීවීන්ද ?

නෑ. නමුත් විද්‍යාවට අනුව ජීවීන් නෙ.

                   ඒ නිසා ඔවුන්ටත් මේක අදාලයි. ඔය කෝටි තුනක් විතර වටිනා කැස්බවොත් බිත්තර දාන්නේ වෙරළේ කියනවනේ.  කැස්බෑවි වැලි යට  බිත්තර දාල නැවත  මහ මුහුදට යනවලු. ආයේ බිත්තර රකින්න එතන නවතින පුරුද්දක් නැනේ.

ඔය බිත්තරවලින් එලියට එන පැටව් ටික  මහා මුහුදේ ඉන්න තමන්ගේ අම්ම හොයාගෙන යනවා කියනවනේ.කොහොමද මෙහෙම වෙන්නේ. කොහෙද අපිට වගේ, නම් ගම්, ගෙවල් දොරවල් , උප්පැන්න තියෙන එකක් යැ.
                      මේ ඉවට ප්‍රදාන හේතුව තමයි  ෆෙරමෝන.  මොකක්ද මේ   ෆෙරමෝන කියන්නේ?
ෆෙරමෝන  කියන්නේ ජීවීන්ගේ ඇගෙන් භාහිරට ශ්‍රාවය වන කිසියම් රසායනික ද්‍රව්‍යක් . එකෙන් තවත් ජීවියෙක්ගේ ශරීරයේ යම්කිසි ජෛව රසායනික ප්‍රතික්‍රියාවක් සඳහා උත්තේජනයක් ලබාදීමේ හැකියාව තියෙනවා.

බස්සි ලස්සනට  විග්‍රහ කරලා තිබුන මේ  පිලිබදව.
මෙන්න බස්සි කියපු  නහය ඇතුලේ පිහිටලා තියෙන "ජේකොබ්සන් ඉන්ද්‍රියෙ" මම වැරදිනම් නිවැරදි කරන්න.


                           මෙකෙන්ලු ඒ මෙව්වා එක වෙන්නේ 




                  සත්තුන්ටත් මේක පොදුයි , බලන්නකෝ දෙන්න මොකටද  මේ අර අදින්නේ කියල,,,,

       හරි, 

               මගේ අත්දැකීමක් කියනවනම් අපේ තාත්ත ඇදපු ඇදුමක තියෙන සුවද මගේ නහයට දැනෙනකොට මාර  ගැමමක්  හිතට එනවා, මට එක වචනවලින් විස්තර කරන්න තේරෙන්නෑ. ඔයාලටත් එහෙම දැනිල තියෙනවද දන්නේ නැ .

මට  ඒ සුවද මගේ ජීවිතේට අමතක වෙන එකක් නැ.

මම අහල තියෙන විදිහට  ෆෙරමෝන ප්‍රභේද 2ක් තියෙනවා කියල.

1. පිරිමින්ගේ ශරීරයෙන් නිකුත්වන ෆෙරමෝන.
2. ස්ත්‍රීන්ගෙ ශරීරයෙන් නිකුත්වන ෆෙරමෝන.

      හැබැයි  මෙහෙම පිටවන ෆෙරමෝන ප්‍රභේද 2ක් තිබුනට වර්ග එකිනෙකට වෙනස්. හරියට අර DNA වගේ. නමුත් මුලික ප්‍රභේද 2යි. ඇත්තටම මේ ෆෙරමෝන කාන්තාවන්ගේ 64 මායම් වලට ඇතුලත් නොඋනේ ඇයි දන්නේ නැ . එහෙම   තිබුනානම් අපිටත් එකක් හරි තියෙනවා කියල හිත හදාගන්න තිබ්බ.මම එහෙම කිවේ ආදරය , ලිංගික ආකර්ෂණය සදහා මෙම ෆෙරමෝන විශාල කාර්යක් ඉටු කරන නිසා.

මට අවශ්‍ය උනේ මෙම  ෆෙරමෝන රසායනිකය අද වාණිජ  ලෝකය පවා ආක්‍රමණය කර ලා  තියෙන බව කියන්නයි.

මේ ගැන පරීක්ෂණයක් කොරළ මෙන්න මෙහෙම,

               ලංකාවේ ඉස්සර තිබ්බ වගේ දුරකථන කුටි  දෙකක් තමයි  මේකට යොදාගෙන තියෙන්නේ. මෙයාලගේ අරමුණ උනේ ස්ත්‍රී පුර්ෂ ආකර්ෂණය සදහා මෙම ෆෙරමෝන වල  බලපෑම සේවිමටයි.  ජනාකීර්ණ නගරයක මෙම දුරකථන කුටි දෙක  සවි කර male සහ female ලෙස නම් කරලු.
ඔන්න දැන් වැඩේ සෙට් කරලා කට්ටිය නිරීක්ෂණය කොරාලු  සති 2ක්.

            අනේ මේ කීකරු ජනතාව බෝර්ඩ් එක බලලම use කරලු. ඔය කීවට 95% ක් වත් use කරන්න ඇතිනේ. පරීක්ෂණයක් කරනකොට ඉතින් පාලනය කොරන්න බැරි දේවලුත් තියෙනවනේ. කොකේන් හරි වැඩේ කරගන්නනෙ බලන්නේ. ඔහොම use කරන කොට  ජැකක්‌ එහෙම ගහගෙන, දාඩිය පෙරගේනනේ ඉන්නේ. අර දාඩිය සමග ශරීරයෙන් පිටවන ෆෙරමෝන ඒ ඒ කුටිවල තැවරුණ කියනවනේ.

ඔන්න දැන් ඊලග  පියවර.

                         දැන් මෙම දුරකථන කුටි 2ක එතනින් ගලවල නගරයේ වෙනත් තැනක අර ලේබල් 2ක් ඉවත් කරලා  හයි කරලු. දැන් කටත් පොදුවේ තමයි  use කරන්න දීල තියෙන්නේ.
දැන් නැවතත් නිරීක්ෂණය කරනවා  ඔන්න.

             මෙයින් 85% වැඩි පිරිසක් විරුද්ධ ලිංගිකයන් use කරපු දුරකථන කුටි තමයි  use කරලා තිබුනේ. ඒ කියන්නේ මෙම ෆෙරමෝන වැඩ කාරයෙක් බව ඔප්පු උනා.දන්නෙම නැතිව ඇදිල ගිහින්.

බලන්නකෝ එකෙත් හැටි.

 ආදරය කරන අය ඔය ගැන හොදට දන්නවා මගේ හිතේ.
එකනේ බස්සි බස්සගේ ඇදපු ඇදුම් ඉල්ලුවේ. තවත් අය මහත්තයාගේ සරම පොරෝගෙන නිදාගන්නේ. එකේ වරදක් නැ , ඕව ඔහොම තමයි. ගොඩක් වෙලාවට ඔය ආකර්ෂණය ස්ත්‍රීන්ට දැනෙනවා වැඩි මගේ හිතේ.

                 ඔයාල දන්නවා නේද පිරිමින්ට සහ කාන්තාවන්ට වෙන් වූ  සුවද විලවූ න් තියෙන බව, සුවද විලවූ න් හදන්න ගන්නෙත් මේ තාක්ෂනය use කරලා තමයි, ආකර්ෂණය වැඩි පිරිමි
ෆෙරමෝන ප්‍රභේද වලින් හදපු සෙන්ට් එකක්    use කරන්න ඕන පිරිමි විතරයි .

පිරිමි සෙන්ට් කාන්තාවෝ use කරොත් ආකර්ෂණය වෙන්නේ කාන්තාවක් තමයි. පිරිමි සෙන්ට් වලත් වර්ග තියෙනවනේ. සෙන්ට් එකක් තෝරනකොට තමන්ගේ බිරිදට හරි , පෙම්වතියට හරි , නැත්තම් වෙන ගැනු ළමයකුට හරි කියල තෝරාගන්න එක වඩා හොදයි. හැබැයි හිතේ තරහක් එහෙම තියෙනවනම් බලාගෙන හොදේ. 

ලේබලේ තියෙන නිසා තෝරන්න ලේසි දැන්.

                                    බලන්නකෝ මේ සෙන්ට් වර්ගය කොච්චර මේ අයට වැඩ කරලද  කියල..

   
                           මේක මගේ කුළුදුල් පොස්ට් එක. වැරදි තියේනම්  පෙන්නල දෙන්න හොදේ .

26 comments:

  1. සුපිරි සහෝ දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. සතුතියි ,
      පළමු කොමෙන්ටුව

      Delete
  2. සහෝ ෆලෝ ගැජට්ටුව එල්ලුව නම් නිතර යන්න එන්න ලේසි වේවි කොයිකටත්

    ReplyDelete
    Replies
    1. ගැජමැටික් ටික තව හොයන ගමන්, ඉක්මනටම එල්ලගන්නම්,
      ස්තුතියි මතක් කලාට.

      Delete
  3. අනේ... බස්සිට හරිම සතුටුයි ඔයා පළවෙනි පෝස්ට් එකට මගේ ලිපියට දිගුවක් එක් කල එක ගැන. ලියන ඉට්ටැයිල් එක පට්ට. දිගටම ලියන්න සහෝ... සුභපැතුම්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි,
      අන්තිම මොහොතේ තමයි නම දැම්මේ.

      Delete
  4. සුපිරියි.. බ්ලොග් ළෝකයට අවශ්‍යත් මේ වගේ අයමයි.. කොමෙන්ට්ස් හා හිට්ස්ට් වලට වහල් නොවී දිගටම ලියන්න. පසුව එවා හඹාගෙන ඒවී මදි නොකියන්න..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි,
      පන්තියට දිගටම එනවා , දිගටම ලියන්න,

      Delete
  5. නියම ලිපියක් නේ සහෝ.... විග්‍රහය ඉතා පැහැදිලියි. ඒත් අර සමික්ෂණයේ දී දුරකතණ පෙට්ටි දෙක ගැන නම් ඒ තරම්ම පැහැදිමක් නැ. අවශ්‍යතාව අනුව ලගම එකට හෝ නිදහසේ ටිකක් වෙලා කතා කරන්න හැකි එක නේද බොහෝ විට තෝරගන්නේ. අනෙක් කරුණු ගැන නම් එකගයි. දිගටම ලියමු.

    ReplyDelete
    Replies
    1. හොද ප්‍රස්නයක්, මටත් මුලින්ම ඔය ප්‍රස්නේ අවා ,
      විද්‍යාවකදී සිදුකරන ඕනෑම පරීක්ෂණයක උපකල්පන තියෙනවා, න්‍යායක් ඉදිරිපත් කිරීමකදී උනත් එහෙමයි, යම් යම් උපකල්පන මත පිහිටා තමයි විද්‍යාත්මක පරීක්ෂණයක් අරඹ කරන්නේ, මෙතනත් එහෙමයි , 100% ඒ අයුරින්ම සාර්ථක වෙන්නැ, පරීක්ෂණ ක්‍රමවේදයේ එක් කොටසක් තමයි උපකල්පන, එට පස්සේ තමයි නිරීක්ෂණ නිගමන වලට එන්නේ,
      ඒ නිසා තමයි මම මෙහෙම සදහන් කලේ ,

      අනේ මේ කීකරු ජනතාව බෝර්ඩ් එක බලලම use කරලු. ඔය කීවට 95% ක් වත් use කරන්න ඇතිනේ. පරීක්ෂණයක් කරනකොට ඉතින් පාලනය කොරන්න බැරි දේවලුත් තියෙනවනේ. කොකේන් හරි වැඩේ කරගන්නනෙ බලන්නේ.

      Delete
  6. අහ් නියමයි නියමයි.. ඔය පෝස්ට් එක පස්සේ මාත් එලෙවුවා.. දිගටම ලියන් යමු මචෝ.. ෆලෝ ගැජට් එක එල්ලුවනම් අපිටත් පහසුයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, දැන් මම එකක් එල්ලගත්තා, එක වෙන්න ඇති ඔය කියන්නේ,

      Delete
  7. මාත් කාලෙකට කලිං බස්සිගෙ ඔය පෝස්ටුව කියෙව්ව... මේ තියෙන්නෙ තව විස්තර එළ එළ... දිගටම ලියමු...
    ෆලෝවර් ගැජට් 1 දාගන්න අපිට පුලුවං සැනිං එසැනිං බලන්න එතකොට...
    මේම කරන්න
    බ්ලොගර් ඩෑෂ් බෝඩ් 1 ලේ අවුට් කියන ඔප්ෂන් එකට යන්න... ඊට පස්සෙ ඇඩ් අ ගැජට් කියන එක උඩ ක්ලික් කරන්න... එතකොට ඕපන් වෙන ඩයලොග් බොක්ස් 1 යටම තියේ ෆලෝවර් කියන ගැජට්ටුව... ඒක ඇඩ් කරගන්න... ලේසියි වාසියි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි,
      දැන් මම එකක් එල්ලගත්තා, එක වෙන්න ඇති ඔය කියන්නේ,
      දිගටම ලියන්න තමි හිතාගෙන ඉන්නේ, කලේ අනුව, ඉක්මනටම තව කෙටිකතාවක් දැන්නම්

      Delete
  8. දිගටම ලියන්න....ඔබට සුබ පැතුම්!!

    ReplyDelete
  9. ස්තුතියි,arugeadaviya

    ReplyDelete
  10. අයි මේ පැත්තට ආවේ. හොඳ විස්තරාත්මක් ලිපියක්. දිගටම යන්න සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ඔය පැත්තේ එන්න පටන් අරන් ගොඩක් කල්,
      ස්තුතියි

      Delete
  11. බ්ලොගර් ෆලෝ ගැජට් එක දාගන්න . dash board--- layout---- add a gadget ---- more gadgets ----- followers ඔය පිළිවෙලට යන්න

    ReplyDelete
    Replies
    1. ඔන්න මමත් ගැජමැටික් එක දාගත්ත, බොහොම ස්තුස්තියි ලොක්කා,

      Delete
  12. හොඳයි,දිගටම ලියන්න අපි කියවන්න එනවා.

    ReplyDelete
  13. දිගටම ලියහන් ...කියවන්න උනේ නම් නෑ ,අනිවා අලුත් එවා දාන්න එනවා බලන්න

    ReplyDelete
  14. වැඩ්ඩෙක් වෙන ලකුණු පෙනේ

    ReplyDelete
  15. පළමු පොස්ටුව මෙතරම් හොඳ වීම, ඔබේ අනාගත ගමන ගැන පෙරලකුණු කියාපායි. හැබැයි රජෝ අත අරින්න බෑ. දිගටම කරගෙන යන්න ඕනේ. ටිකක් දවස් ලියාගෙන යනකොට ඉතිං ගානක් නැතිව යනවා. මේ දවස් වල කියවනවා අඩුයි - ලියනවත් අඩුයි. ලින්ක් එක එව්වාට ස්තූතියි.

    ReplyDelete