Monday, February 3, 2014

රජීව් ගාන්ධිට තුවක්කු බට ප්‍රහාරයක් - ඉන්දියන් හමුදාව හා පොල්තෙල්.

                       
                  
                     
    ''ජේ.ආර්.ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරපු එකට ප්‍රේමදාස මැතිතුමා තදින් විරුද්ද උනා. රට පුරා කළු කොඩි දැම්මා . එදා ප්‍රේමදාස මහත්තයා කොලැබ්න් පිට තැනක හිටියේ. අපටනම් ප්‍රේමදාස මහත්තයා කිවේ මේක අත්සන් කරන එක මට කිවේ නැනේ , එහෙනම් මාත් යනවා කියල. කලින් ගිවිසුම ගැන ප්‍රේමදාසට ආරාධනා කලානම් එතුමා යන්න ඉඩ තිබුනා. නමුත් මේක නිසා රජීව් ගාන්දි එක්ක අමනාපයක් තිබුනේ නැ . එතුමා නවදිල්ලි ගිහින් රජීව් ව සුහදව හමුඋනා.නමුත් ජනතාව තුල ඉන්දියන් හමුදාවට තිබුණු අප්‍රසාදය උඩ ප්‍රේමදාස ජනපති උන ගමන් කලේ ඉන්දියන් හමුදාව යවපු එක.''

                                                        ''ප්‍රේමදාස ජනපතිගේ පුද්ගලික ලේකම් එෆ්.ඩි.බාලසුරිය මහතා.'' කල ප්‍රකාශයකි. ජයරුප අන්තර්ජාලයෙනි.

                  ගිවිසුම අත්සන් කලා මොහොත.

                          ප්‍රහාරය එල්ලකළ සෙබල අත්අඩංගුවට.


                  මෙය පසුගිය ඉරිදා ලංකාදීප පත්‍රයේ පල වූ සාකච්චාවක කොටසකි . මෙම සාකච්චාවේදී කියවූ මට අපුරු කතාවක් මතක් විය. කෙසේ නමුත් ඉන් දී යන්  හමුදාව මෙරටට ගෙන්වා ගත්තේද ඔවුන් මය , පලව හැරියේද  ඔවුන් මය.මෙරටට ත්‍රස්තවාදය සදහා මුල සිටම උදව් උපකාර කලා රටක් ලෙස ඉන්දියාව හැදින්වුවහොත් එය නිවැරදිය.මෙය සමස්ත ඉන්දියාවටම අදාල නොවුනද දකුණු ඉන්දියාවට ඇගිල්ල දික්කිරිම  වැඩ යෝග්‍ය  යයි මගේ අදහසයි. ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ද දේශපාලන උප්පරවැට්ටි එමටය. ලංකාවේ මෙන්ම ඉන්දියාවේද තම බලය වෙනුවෙන් ඕනෑම ජරා වැඩක් කිරීම තම දේශපාලන සංස්කෘතිය කරගෙන ඇත.ජන්දයක් ලන්වනවිට මෙය මනාවට පිළිබිඹු වේ.

                     දකුණු ඉන්දියානුවන් වැඩි පිරිසක් චුන් කල බෝනික්කන් වැනිය. චූන් වන්නේ ජනතාවයි. චූන් කරන්නේ දේශපාලකයාය.  අභ්‍යන්තර ප්‍රස්නයක් මත තම ජනතාව චූන් කලද අපට ප්‍රස්නයක්  නැත. ප්‍රශ්නය වන්නේ අල්ලපු ගෙදර මහින්ද නිසා ජයලලිතා චූන් වීමය. විය යුත්තේ එසේ නොවේ. කරුණානිදි නිසා ජයලලිතා චූන් වීමය. තරගය ඇත්තේ ඔවුන් දෙදෙනා අතරය. නමුත් ඔවුන් එකම ජන කොටසක කොටස්කරුවන්ය. ඔවුන්ට තම ප්‍රාන්තයේ ගැටළු විසදීමට උවමනාවක් නැත. ඉන්දියාවෙන් 75% පමණ  අන්ත දිලිදු ජනතාවක් වාසය කරයි. ශාපෙක්ෂාව බලන කල යාපනයට වඩා දිලිදුය.

                තම ජනතාව අවුස්සමින් තම බලය රැක  ගැනීමේ මෙහෙයුමක  නිරතව සිටී. අලුත්ම පිල්ලිය කරුනනිදිගේ දියනියයි. ඉවක් බවක් නොමැතිව තම පියා මෙන් දෙමල ජනතාව අවුස්සයි. ඇතැමුන් ශ්‍රී ලංකාවේ දෙමල ජනතාව  වෙනුවෙන් කියා සිරුරට ගිනි තබා ගනී. මේවට අනුබල දෙන්නේද මොවුන්මය. තම ජනතාවට අධ්‍යාපනය වෙනුවට නිතරම ආරෝපණය කරන්නේ වෙරයයි. එවිට තමන් ඉන්න ස්ථානයද අමතක වේ. ජය පරාජය විදදරා ගැනීම පවා ඔවුන්ට කලා නොහැක. මෙය ක්‍රිකට් ක්‍රීඩාව තුලින් පෙන්නුම් කර හමාරය.
           
අද ශ්‍රී ලංකාවේ නිදහස් දිනයයි. තම දිවි පරදුවට තබා නිදහස වෙනුවෙන් සටන් කල අපගේ  විරුවන්ට උපහාරය පුද කිරීමටද මා මෙය අවස්ථාවක් කර ගනිමි. එය අප සදා අමතක නොකරමු. මතු පරපුරටද අප එය නිසි ලෙස මතක් කර දිය යුතුව ඇත. ඒ එදා ඔවුන් ක්‍රියා කලා ආකාරය නිසාවෙනි.
ඉන්දියාවෙන් බිහිවූ ශ්‍රේෂ්ඨ යුග පුර්ශයකු වූ මහත්මා ගාන්ධ් චින්තනය අද ඔවුන් අනුගමනය කරනවාද යන්න ගැටලුවකි. එය අද භාවිතා කරන්නේ වෙනත් රටවල්ය.ඉන්දියානු නිදහස් සටනේ නායකයකු තම ජනතාවට දුන් උපදේශයක් මට මතක් විය. එනම් දුටු තැන කක්කා කිරීමය. දුටු තැන  චූ කිරීමය. ඒ ඉංග්‍රීසින්ට තම රට සහ ජනතාව එපා කර වීමේ අදහසිනි. එය නම් අකුරටම ඉටු කරන ලදී. ඉන්දියාවෙන් සුද්දන් පන්නා දැන් වසර 60 කටත් වැඩිය. නමුත් තවමත් ඔවුන් දුටු තැන කක්කා කරයි, චූ කරයි. මහපාරේ එළිපිට තවමත් මෙය සිදුවේ.

               ජයලලිතලට සහ කරුණානිදිට පළමුව කල යුත්තේ ජනතාවට චාරය කියා දීමය. වැසිකිලි ටිකක් හදා දීමය. කක්කා කරන ආකාරය කියා දීමය. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩකලා යයි බොරු චෝදනා නොකර තම ජනතාවට සේවය කිරීමය.
               එල්.ටි.ටි.ය  රජිව් ගාතනය හමුවේ ජනතා විරෝදය.

              ඇතැම් අවස්ථා වලදී අහක යන නයි රෙද්ද අස්සේ දා ගත්තේය. නයින්ට කිරිපොවා ඇති කලෙය. පසුව කනවෝ කනවෝ කියා  කැ ගැසිය. ඒ ලංකාවට අත ගැසීම නිසාය.ඉන්දියන් හමුදාව ලංකාවට එවන ලදී. අහසින් පරිප්පු දෑමූ බවද අප අසා ඇත.

               මේ කෙටිකතාව ලියන්නට හිතුනේ ඉන්දියන් හමුදාව මෙරටට පැමිණ කල විනාසය මම ඇස් දෙකෙන්ම  දැක ඇති නිසාය.මා ඉතා කුඩා කල සිටියා උවද තවමත් මතකය. අප පාසලේ තිබුනේ ගොඩනැගිලි දෙකකි. එහි රාත්‍රිය ගතකලේ ඉන්දියන් හමුදාවයි. දිවා කාලයේ අප අධ්‍යාපනය හදාරන ලදී. උදෙන්ම පාසලට ගොස් කලා යුතු පළමු රාජකාරිය කානු සුද්ද කිරිමයි. ඔවුන්ගේ ප්‍රියතම පානය පොල්තෙල්ය, අහාරය සබන්ය.සබන් කා පොල්තෙල් බොයි.කෑදර කමේ අඩුවක් නැතිය. දිනක එක්තරා පුවත් පතක ලිපියක් කියවුවෙමි. එහි සදහන් වුයේ එකල ඉන්දියන් හමුදාවට කල් ඉකුත් වූ ටින් ආහාර ලබාදී ඇති බවකි. ඒ සම්බන්දව පරීක්ෂණයක් කලා බවද සදහන් විය. ජරාව කා බී  කාණුවල බොක දමා , වමනය දමා තිබිණි. පොල්තෙල් නිසා කොපමණ සේදුවත් වැඩක් නැතිය.

                     මොවුන් තව වසර දෙක තුනක් මෙරට හිටියානම් අපගේ අහිංසක කාන්තාවන්ට දාව ඉන්දියානු පැටවුන් පිරිසක් බෝ කර යාමේ අවදානම තිබිණ.කාන්තාවන්ට කලා හිරිහැර ලියන්නට අකමැතිය. මෙවන් හිංසාවන් සිදු වුයේ අපගේ බලදරයන්ගේ වැරදි තීරණ නිසාය. ගෙන්වා ගත්තේද ඔවුන්මය. යව්වේද  ඔවුන්මය. ව්දෙව්වේ ජනතාවයි. අශ්වයා පැනගිය පසු ඉස්තාලය වසා වැඩක් නැත. නමුත් සිදු වි හමාරය. දැන් ඇත්තේ ඉදිරිය බැලීමය. අපි අපේ ගමන ඉදිරියටම යමු.

                               ජය ලලිතනි ඔහොම යන්,
                               කරුණානිදි ඔහොම යන්,
                               හැරමිටියෙන් යනෙන කලට ,
                               නෙලුම් කුලුනේ නැග ඉහලට ,
                               සදළුතලෙන් එබි බලනු ,
                              ලොකු අයියගේ පිලේ පැදුර.

                             ජය ලලිතනි ජය වේවා!!

                             කරුණානිදිට ජය වේවා!!............

21 comments:

  1. ලංකාවට දෙවැනි නැති එදාවේල දේශපාලනයක් සහිත ඉන්දියාව ගැන නම් කවර කතාද කුමා අයියෙ.

    හැබැයි ඕකා කලාපෙ ලොකු අයියලුනෙ. ඒක තමා මළපහ කරන්න වැසිකිළියක් නැතත් අනුන්ගෙ වතුවල හතර මායිම් මනින්නෙ.

    ReplyDelete
    Replies
    1. අපට ඉන්දියාවට අභියෝග කලා නොහැක, අපි කල යුත්තේ අපි අපටම අභියෝග කරගනිමින් රට ඉදිරියට ගෙන යාමයි. එවිට ඔවුන් ඉබේම පරාජයට පත්වේ ,

      Delete
  2. ඉන්දියන් හමුදාව ගෙන්වා ගත්තේ අප නොවේ. ඔවුන් ආවේ බලහත්කාරයෙන්ය. දන්නෝ දනිති.. 13 ව්‍යවස්ථාවට එල්ලුවෝත් ඔවුන්මය. අප තවමත් ගෙවන්නේ ඒ කරුමයය. අප තවමත් ඉන්දියාවට බයය. 13 අහෝසි නොකරන්නේ ඒ නිසාය.

    ReplyDelete
    Replies
    1. ජේ.ආර්. එදා බය වූ නිසා ජනතා විරෝදය නොතකා ගිවිසුම අත්සන් කළේය. ඒ හරහා බලහත්කාරකම කිරීමට හැකිවිය.13 අවේද ඔය හරහාය.13 අහෝසි කලා නොහැක්කේ අත්සන්කළ ගිවිසුම නිසාය.බලහත්කාරකම ඒ අයුරින්ම දිගටම කරගෙන යාමට නොහැකි විය.එසේ කරානම් අදත් යුද්දය එසේමය.මහින්ද කෙලින් හිටියේය.සියල්ල තීරණය වෙන්නේ ලොක්කගේ කළමනාකරණ හැකියාව මතය. සියල්ල පාලනය කරමින් 13 ද අහෝසි කරන්නට ඔහුට හැකි වේවායි ප්‍රර්ථනා කරමු.

      Delete
    2. කුමා ප්‍රාර්ථනා කරන දේ වෙන්න නම් අපේ විදේශ ප්‍රතිපත්තිය තුල ස්ථාවරයක් තිබිය යුතුය. ඉංදියාවට ගොස් දහතුනෙන් ඔබ්බට කතාකරන පාලකයෝ හොම්බට ඇණ ගත්තේ ඔය නිසාය. රටට එකක් ලොවට තව එකක් කියූ බොහෝ රටවල මෙවැනි රාජ්‍ය තන්ත්‍රික ගැටළු හටගන්නේ පොඩි බිබිලි ලෙසය. අවසන් වන්නේ කකුල කපා දාන තැනින්ය.

      LLRC වාර්තා පමණක් නොව තව එවැනි දේ ගැන නම් ලියන්නට දේ බොහෝය. අද විදේශ සේවය හෙවත් ඩිප්ලොමැටික් සේවයේ තතු දන්නා අය සිටින්නේ මහා කළකිරීමෙනි.

      Delete
  3. ඔවුන්ගේ ප්‍රියතම පානය පොල්තෙල්ය, අහාරය සබන්ය.සබන් කා පොල්තෙල් බොයි./// සැබෑවක්ද ඔබ පවසන්නේ ඈ ? ඊයා ,,මං දනන් විදියට ඉන්දියන් මිනිස්සු එළගිතෙල් නම් කනවා බොනවා පොල් තෙල්?

    ඉන්දියන් කාරයන්ගේ ටොයිලට් භාවිත්යනම් ලෝකේ කොහේ ගියත් එකයි .. තවමත් ඉන්නවා කොමඩ් එකට ගිහිල්ලත් සාමන්‍ය වැසිකිලියේ වගේ කොමඩ් එක උඩ ඉදගෙන ඒ වැඩේ කරන අය ..නිදහස් දවස දා හොද ලිපියක්

    ReplyDelete
    Replies
    1. ///ඉන්දියන් කාරයන්ගේ ටොයිලට් භාවිත්යනම් ලෝකේ කොහේ ගියත් එකයි .. තවමත් ඉන්නවා කොමඩ් එකට ගිහිල්ලත් සාමන්‍ය වැසිකිලියේ වගේ කොමඩ් එක උඩ ඉදගෙන ඒ වැඩේ කරන අය ..////////

      ඔමා...අපි ඉංදියන් අය එහෙම ගැන කිව්වාට අපෙත් ඔහොම අය ඉන්නවා ඔමා. ඒවා ඉගෙනගන්නේ සමාජයෙන් සහ ගෙදරින්. අද ටොයිලට් පේපර්ස් වලින් පස්ස පිහිදන අය වතුර නැති නිසා පත්තර කෑලි වලිනුත් පස්ස පිහිදලා තියෙනවා එංගලන්තයේ සුද්දො පවා.සීතල නිසා ගෙවල් ඇතුලේ බාල්දි තියාගෙන චූ කරලා තියෙනවා. මේ සුද්දන්ගේ ඒක තමයි ඉතිහාසය.නමුත් උන් ඉගෙන ගත්තා සහ ඒ පහසුකම් ලැබුනා. මේ ගැන මතකය තියන අය අද පවා ඉන්නවා සහ ඒ ගැන ආඩම්බරයෙන් කියනවා. සමාජ පරිනාමය කියන්නේ ඕකයි. ඉස්සර කටුනායක එයාර්පෝට් එකේ ටොයිලට්ස් වල බෝඩ් ගහලා තිබුනා ටොයිලට් සීට්වල කකුල් තියලා වාඩිවෙන්න එපා කියලා. ඒ ගෘහ සේවිකාවන් රට යන්න පටන් ගත්ත කාලේ. අදටත් ටොයිලට් ගියාම ඊළඟට යන එක්කෙනා ගැන නොසිතන අපේ නෝනලා සහ මහත්තුරු ඉන්නවා. එහෙම සුද්දොත් ඉන්නවා. ඒ නිසා මේ හැම හොඳ පුරුද්දකම ආරම්භය ගෙදර ඉන්පසු සමාජය. අපිට තව ඉගෙනගන්න බොහෝ දේ තියෙනවා. රාජ්‍යය පාලනයත් ඒ වගේ. අපි ඉදිරියට මේවා බ්ලොග්ස් තුල කතාකරමු.

      Delete
    2. හ්ම්ම් ඔයා හරි ,,ජාතියක් විදියට පොදුවේ හංවඩු ගැසීම වැරදි තමයි .. ඔයාගේ කොමෙන්ට් එකට ස්තුති .

      Delete
    3. ඉංදියන්/// ඉන්දීයන්
      කොමඩ් එකට ගිහිල්ලත් සාමන්‍ය වැසිකිලියේ වගේ කොමඩ් එක උඩ ඉදගෙන ඒ වැඩේ කරන අය///
      මම දන්න අපේ රටේ පොරකුත් ඔහොම කරන්න ගිහින් කොමඩ් එක කැඩුනාලූ ...පාර්ලිමේන්තුවේ නිකන් තැනක නෙවෙයි ..හැක්

      Delete
    4. ඕක මගේ අත්දැකීමක්, ඇත්තටම ඔවුන් ඔය දෙකම හරි හරියට කලා.අපේ පැත්තේ ඔය දෙකම හිග උන. ඒ ඔය හේතුව නිසා. නමුත් ප්‍රියතම කියන වචනය භාවිත කලා නිසා අතිශෝක්තියක් තියෙන බව පිලිගන්නවා.

      Delete
  4. ඉන්දියාවෙත් දේශපාලනය අන්තිමයි.. ඔවුන් බලන්නෙත් ඔවුන්ගේ යහපැවැත්ම විතරයි..

    ReplyDelete
    Replies
    1. ප්‍රතිපත්ති ඇති දේශපාලකයන් දැන් ඇත්තෙම නැ . එහෙම එකෙක් හිටියත් චන්දෙ දෙන්නේ නැ. සියල්ලෝම අඩු වැඩියෙන් වගකියන්න ඕන.

      Delete
  5. ප්‍රෙමදාස ගේ ඉන්දීය විරෝදයට හේතුවක් ගාමිනී දිසානායක අපකීර්තියට ලක් කර ජනාදිපති අපේක්ශත්වය තමාට ලෑබීමේ චාන්ස් එක වෑඩි කර ගෑනීම සහ පසුව ජවිපෙ බලාපොරොත්තුවූ වාසිය තමන්ටද ලබාගෑනීම සහ ජවිපෙ සටන් පාඨය තමන් සතු කර ගෑනීමය (steal their thunder).
    අප නොයෙකුත් සටන් පාඨ වල ජනප්‍රිය පෑත්ත ගෑන අවදානය යොමුකරත් දේශපාලකයන්ට තමන්ට වාසි agenda එකක් හෑම විටම ඈත.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි මිත්‍රය. ස්තුතියි.

      Delete
  6. ඔය රජිව්ට ගහපු හාදයා මේ සැරේ පලාත්සභාවට යූ.එන්.පී. එකෙන් චන්දෙ ඉල්ලනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එහෙමද. මම දැන් නැ. නමුත් මේ ලගදි කරලියට අව මතකයි.ඉන්දියන් විරෝදී කාලයක් නිසා වාසියට හිටි. අපි බලමු මොකද වෙන්නේ කියල. ස්තුත්යි දැනුවත් කලාට.

      Delete
  7. pilithuru comment dannam. net prasnaya. office eken me awe.

    ReplyDelete
  8. ඔය රජීව්ට ගැහුව නෙවෙයි,ඒ සෙබලාට කලන්තෙ හැදිලා වැටුන කිව්වාලු නේ ජෙ.ආර් ලොක්කා කතාවෙ ඇත්ත නැත්ත දන්නෙ නෑ ...කොම වුණත් අපි තවම ඉන්දියාවේ යටත් වැසියෝ වගේ ..

    ReplyDelete
    Replies
    1. අපි ඔය මානසිකත්වයෙන් හිතන්න හොද නැ. අපි යටත් වැසියෝ කියල හිතාගෙන ඉන්නේ දකුණු ඉන්දියාවේ පිරිසක් විතරයි. ඉන්දියන් රජයට ඇති බලපෑම එකයි. ඉන්දියාව යනු දකුණු ඉන්දියාව නෙවෙයි . අපි බලමු ඉදිරියට මොකද වෙන්නේ කියල,

      Delete
    2. යයෝ මම කිව්වෙ බලහන් අපි මිරිස් කරලේ ඉදලා ලොකු වාහන දක්වා ඉන්දියාවේන් ගෙන තැනට ඇවිත් ,ඇදුම් ,පරිප්පු ,ලූනු ,හැම දෙම,පෙන්න්න නෑ තමා හැබැයි අපිව යම් දුරකට යටත් කරලා,අනික තෙරුම් ගන්න බලහන් ඉන්දියාවේ ලොකු බලයක් තියෙනවා ජන්දය අතින් උනත් දකුණු ඉන්දියාවට,අපි බොරුවට නිකන් කෑ ගහන්නෙ නැතුව පොඩ්ඩක් හිතලා ,හොයලා බලහන් ....

      Delete
    3. ඔය මිනිස්සු කැ ගහන්නේ සබැවටම දෙමල ජනයාට තියෙන ආදරයට නෙමෙයි. එක පෙන්නලා බලය රැකගන්නයි . එක සාමාන්‍ය ජනයාට තේරෙන්නැ. එකට කමක් නැ අපි බලන්න ඕන අපි දියුණු වෙන්න ඕන කොහොමද කියල. එකයි මම පොස්ට් එකේ ලිවේ //අපි අපේ ගමන ඉදිරියටම යමු.// කියල.
      අපි ඉන්දියාවෙන් විතරක් නෙමෙයි අනෙක් රටවල් වලිනුත් භාණ්ඩ ආනයනය කරනවා. අද ජාතික කොඩිය ගේන්නේ කොහෙන්ද?. අල්පෙනෙත්ත ගේන්නේ කොහෙන්ද? චීනයෙන්. ඕක ඇත්ත තත්වය තමා. අපි කාටවත් බැන බැන ඉන්නේ නැතිව , අනුන්ට වලකපන්නේ නැතිව , ඒ කාලය අපේ දියුණුවට යොදවන එකයි අපි කරන්න ඕන. එතකොට තමයි අපි ඔය අයට උත්තර දුන්න වෙන්නේ. ජය ලලිතල හැමදාම මිනිස්සු අවුස්සන එකයි කරන්නේ , මිනිසසුනට තමන්ගේ මුලික අවශ්‍යතා ටිකත් අමතක වෙලා. සංවර්දනය එතනමයි. බලන්න දකුණු ඉන්දියාවේ ලංකාවට වඩා දුප්පත් මිනිස්සු කොච්චර ඉන්නවද කියල?. අපේ රට ඒ අතින් කොච්චර හොදද. ඉතින් ඔය ගැනවත් හිතල අපි දනත්මකව හිතන්න ඕන කියලයි මම කියන්නේ.

      Delete