පෙබරවාරි 14
වැලන්ටයින් දිනයයි. වැලන්ටයින් දිනය වෙනුවෙන් කීපදෙනෙකුම අපූරු නිර්මාණ ඉදිරිපත් කර තිබිණි. එම නිර්මාණ
දැකීමෙන් මම සතුටට පත් උනෙමි. ආදරය පිලිබදව හරවත්ව දකින තරුණ පිරිසක් ද අද සිටින බව ඒ තුලින් තහවුරු විය. වැලන්ටයින්
දිනය අද වාණිජ කරණය වී හමාරය. ආදරය තුල විස්වාසය යන වචනයට විශාල වටිනාකමක් ඇත.
විස්වාසය නැති තැන ආදරය නැත. ආදරය කරන
කාලයේ සිට අප මියයන තෙක්ම විස්වාසය රැකිය යුතුය. මෙයට ප්‍රතිවිරුද්ධ වචනය
අවිස්වාසයයි. ඒ හැම විටම සැකය ඇති විම
තුලිනි. දෙදෙනෙකු තුල අන්නොන්ය අවබෝදය ඉතා වැදගත්ය. සැකය නිසා පවූල් ජිවිත අවුල් වූ අවස්ථා අප ඕනෑතරම් අසා තිබේ.
ඔබ නිවසේ නැති රාත්‍රියක
බිරිදගේ නිදන කාමරයෙන් රාත්‍රී 11 ට පමණ පිරිමි කටහඩක් ඇසුනොත් ඔබට ඇතිවන ක්ෂණික
කෝපය , ආවේගය කොතරම්ද?. ඒ තුලින් ඇතිවන සැකයේ ප්‍රබලත්වය විවාහ දිවිය විනාශ වීමට ද බලපානු ඇත. මම අද ලියන කෙටි කතාව එවැනි අත්දැකීමකි.
මම මීට වසර 7 කට පමණ
පෙර කිරුලපන ප්‍රදේශයේ එක්තරා පුද්ගලික
ආයතනයක සේවය කලෙමි. මා නැවතී සිටියේ කිරිබත්ගොඩ
නැදෑ වෙන අපේ අක්කා කෙනෙකුගේ ගෙදරය. එහි මට වඩා අවුරුදු 7ක පමණ බාල නෑදැවෙන පුතෙකුද, නැවතී සිටියේය. ඊට අමතරව පුද්ගලික රෝහලක හෙද
නංගි කෙනෙකුද නැවතී සිටියාය.
අක්කා ට අවරුදු 2ක් පමණ කුඩා පුතෙකුද සිටි අතර සැමියා පොලිසියේ රාජකාරි කරන ලදී. අක්කා මට වඩා
අවරුදු 4ක් පමණ වැඩිමල්ය. ඇය කුඩා කල අප
සමග එකට සෙල්ලම්කල කෙනෙක් වූ අතර ඇතැම් දිනවල
මා සමග එකම ඇදේ නිදාගත් අවස්ථාද ඇත.
ඒ පුන්චි කලේ හොදේ.
එදා ඉරිදා දිනයක් විය.
මම නිවසේ සිට බෝඩිමට යනවිට හවස 6.30 පමණ විය. සිටියේ අක්කා සහ පුතා පමණි. එදා හෙද නංගි ගේ රාත්‍රී
වැඩ මුරයයි. අයියාද එසේමය. පුත්‍රයාද එසේමය. එදා මම නොපැමිණියේ නම් අක්කා කුඩා
පුතු සමග තනිවම රාත්‍රිය ගතකරන්නට සිදුව තිබු දිනයකි. අක්කා මගේ දුරකතනයට ඇමතුම්
ගත්තද එය අසාර්ථක වි ඇත. දුරකථනය මම ගෙදර අමතක කර දමා පැමිණ ඇත. මම බෝඩිමට පැමිණි
විට අයගේ මුනට එළියක්
ලැබුණු බව මට මතකය.
රාත්‍රී 9.30 ට විතර
නිදාගන්නට ගිය විට යි මට මතක් උනේ උදේට
එලාම් තියන්න පෝන් එකක් නැති බව.
මම අක්කා ඇමතුවෙමි.
අක්කේ හරි වැඩේනේ මගේ පොනේ එක ගෙදර අමතක උනානේ.
එලාම් තියෙන ඔරලෝසුවක්
තියෙනවද? ඇසුවෙමි.
ඔරලෝසුවක් නැනේ මල්ලි ,
මගේ පෝන් එක දෙන්නද ඇසිය. මට වෙන විකල්පයක් නොවිය. මම නැවත ගෙදර යන්නේ ලබන සතියේය
. සතියක්ම දැන් මේ දුක විදින්නට වෙනවාය.
කමක් නැද්ද අක්කේ? .
අයිය කෝල් කරයිද ?.
කමක් නැ. ඔයා වෙලාව
තියාගන්නකෝ කියා දුරකථනය මා ඇත තැබිය.
මම වෙලාව තබා දුරකථනය
කොට්ට්ටය ලග තබා නිදාගත්තෙමි. නුවර සිට කොළඹට සෙනග වැඩිම වෙලාව ඉරිදා සවසයි. හිටගෙනම
ආ නිසා මහන්සියටත් එක්ක මට ඉක්මනින්ම නින්ද ගියේය.
එක පාරටම දුරකථනය නාද වෙන්නට
විය.මම සිතුවේ එලාම් එක වදිනවා කියාය. නැත .අයියගෙන් කෝල් එකකි. වෙලාව රාත්‍රී 11
පසු වි තිබිණ. මම වහා අක්කාගේ කාමරය දෙසට දිව යන ලදී.
අක්කේ අක්කේ අයියගෙන්
කෝල් එකක් කියමින් ගියෙමි.
මට එකවර කාමරය තුලට යාමට සිත් දුන්නේ නැත. ඇය නැගිට
ආවාය. ඒ වනවිට දුරකථනය බොහෝ වෙලාවක් නද වෙමින් තිබුන නිසා කට් වේ යයි සිතා
ok බොත්තම ඔබා "උස්සලා තියෙන්නේ කියමින් " අක්කාට
දුන්නෙමි. ඒ ය නැවත පිළිතුරු දීමට
ගොස් කට් කරගැනී යන බය නිසාය. එය කියපු
අකාරය අවවාදාත්මක ප්‍රාකාශයක් බදු විය.
අවාසනාවක මහත.
අයියාට එය ඇසිණ.
අයිය උස මහතා කළු
හැඩිදැඩි සිරුරක් ඇති කෙනෙකි . දැක්ක විට
බිය උපදවන සුළු ගම්භිර පෙනුමකින් යුත් පොලිසියටම ගැලපෙන පෙනුමකින් යුත් කෙනෙකි.
අක්ක හෙලෝ කීවාය. අයියාට
යකා නැග්ගේය. දැන් අයිය ෆයර් විය.
මට හීන් දාඩිය දැම්මේය.
මොකාද ඔතන ඉන්න එකා?.
අක්කාට උත්තර දෙන්නට අවස්තාවක් නැත. අයියා බැනගෙන බැනගෙන යයි. මම මාර අසරණ විය.
සියල්ල මම නිසාය.
මම මෙය නිවැරදි කරන්නට
ගියහොත් ඇවිලෙන ගින්නට පිදුරු දැම්මා වැනිය. ඉන් ඇතිවන තත්වය මට මැවී පෙනින.
ඔහු ඇත ගිනි අවියක් ඇත.
ක්ෂණික කෝපය නිසා ඔහු එය ඔහුටම එල්ල කර ගැනීමේ හැකියාව ඇත. නැතහොත් ඉන් අනිත්
පැත්තයි.
අක්කාගේ වරදක්ද නැත. මගේ
වරදක්ද නැත. අයියාගේ වරදක්ද නැත . ඔහුද සාදාරණය. සියල්ල තීරණය වන්නේ අන්නොන්ය විස්වාසය මතය.
විශාල කාලගොස්ටියකි.
මේ මල්ලි, මල්ලි , අපේ
මල්ලි, යයි අක්කා කියයි. එතනින් එහාට කියන්නට අවස්තාවක් නැත.
අක්කා අසරණය. මම අක්කා
දෙස බැලුවෙමි. මා ලග සිටි නිසා අක්කා පිළිතුරු දිමෙමට මැලිකමක් දක්වනවා යයිද මට
සිතින. මම ඉන් ඉවත් උනෙමි. දෙදෙනාට ගැටලුව
විසදාගන්නට දී මම බලා සිටියෙමි. මම දෙලොවක් අතරය.
පැය කාලකට පමණ පසු
සිද්දිය ඔහුට තේරුම් කර දීමට අක්කාට හැකිවිය.
අක්කා මට මල්ලි යයි කතා
කලාය. මම ලගට ගියෙමි.
මෙන්න පෝන් එක වෙලාව
තියාගන්න කියා දුරකථනය මා අත තැබිය.
මම අක්කා දෙස බැලුවෙමි.
ඇය කිසිවක් සිදු නොවුනාසේ සිටීමට උත්සහ කරනු පෙනිණ. ඇයව මෝහතකටවත් අයියා විසින්
අවිශ්වාස කල බව පෙන්නීමට අකමැති බව මට වැටහිණ. මම ඇයට බාද නොකර "හා අක්කේ " කියා දුරකතනයද රැගෙන මගේ
කාමරයට ගියේය. අප තිදෙනා මේ වන තුරුත් ඒ ගැන නැවත කතා නොකලේය. අපි අපිව තේරුම්
ගත්තෙමු.
අප භාහිරින් දකින දෙයට
වඩා ගැටලුවේ ඇතුලාන්තය සම්පුර්ණයෙන්ම වෙනස්ය.ක්ෂණික කෝපය තුල අයිය කටයුතු කලානම්
විශාල විනාසයක් වීමට ඉඩ තිබිණ. සැම විටම බුද්හිධියට ඉද දිය යුතුය. හැගීමට වහල්
නොවිය යුතුය. ගැටළුවක් විසදීමට සාදාරණ කාලයක් ගත යුතුය. එවිට සුදුසුම හා නිවැරදිම
විසදුම ඔබට නිසැකවම ලැබෙනු ඇත.
උස්සල තියෙන්නේ කතාව ඇහුණාම කේන්තිය ඩබල් වෙන්න ඇති
ReplyDeleteපරණ කතාවකුත් තියෙන්නේ ඔය වගේ එකක්...අවුරුදු ගණනාවකට පස්සේ ගෙදර එන සැමියෙක්,තමුන්ගේ බිරිඳ තරුණයෙක් එක්ක නිදාගෙන ඉන්නවා දකිනවා...
දෙන්නව එක පාරම මරල දාන්න හිතුවත් ආයෙත් ඒ හිතිවිල්ල වෙනස් කරලා හොයලා බලනකොට ඒ ඉන්නේ ගෙදරින් යනකොට පොඩි එකෙක්ව හිටපු තමුන්ගේම පුතා...
ඇතුලාන්තය වෙනස්..... :)
ළගපාතක හිටියනම් සොරිම තමයි.
Deleteඅන්‍යොන්‍ය විශ්වාසය නැති වුනාම මේ වගේ දේවල් වලිනුත් පවුල් කඩා කප්පල් වෙනවා!
ReplyDeleteඅදත් මාරු කතාවක්! ජය!
දුලාගේ අඩවිය ලියන දුලා
දෙවියන්ගේ පිහිටෙන් තවත් දරුවෙක් එහෙම හදාගෙන දැහැමෙන් සෙමෙන් කාලය ගතකරනවා.
Deleteම්ම්ම්ම්ම් ...එහෙමයි උනේ එහෙනම් ,තව ටිකෙන් පවුලක් ඉවර වෙනවා ,රුපියල් 100/150 අර පෙමන්ට් එකේ තියෙන ඔරලෝසුවක් ඇත්තටම ගිහින් තියා ගන්න බැරි වුණාද ?????හැක් හැක් .....
ReplyDeleteහික්ස්, එදා විතරයි කට්ටිය සී සී කඩ ගිහින් හිටියේ. පුතා කොල්ලගේ පෝන් එකෙන් සතියම ඇද්දා. අපරාදෙනේ 100. අයේ නම් පෝන් අමතක උනේ නැ.
Deleteවිශ්වාසය කියන දේ නැති වුනාම මේ වගේ දේවල් වෙන්න තියෙන ඉඩ කඩ වැඩි.. කෝම වුනත් නූලෙන් බේරිලා තියෙන්නේ..
ReplyDeleteහැමදේටම වඩා වටින්නෙ අන්‍යොන්‍ය විශ්වාසය සහා තේරුම් ගැනීමයි. සැකය නම් විශබීජයක්.
ReplyDeleteමේ වගේ කතානම් ඇත්තටම සමාජයට ආදර්ශයන්.
තමන්ගේ බිරිද හෝ සැමියා පිලිබදව සැකයක් අතිඋනොත් ඒ ගැන ටිකක් හොයලා බලලා තීරණයකට එන එක තමයි වැදගත් වෙන්නේ. මේ වගේ උන තවත් කතාවක් තියෙනවා, දවසක එකත් පොස්ට් එකකින් දාන්නම්.
Delete///අප තිදෙනා මේ වන තුරුත් ඒ ගැන නැවත කතා නොකලේය. අපි අපිව තේරුම් ගත්තෙමු./// මේ කොටස ඉතාම වැදගත්
ReplyDeleteඅක්කා බුද්ධිමත් කෙනෙක් ,ඒ වගේම අයියත්.. එක හුස්මට කියෝගෙන ගියේ,,, මේ වගේ දේවල් නිසා හරියට කරුණු සොයාබල්න්නේ නැතුව හදිසි තීරණ ගන්න අය කොච්චර ඉන්නවද ,, ඒ අය පව්,,
එක ඇත්ත අපුර්වි, පොඩි වෙලාවකට හරි වැරදි අවබෝදයක් ඇතිවීම ගැන අපි 3න් දෙනාටම ලජ්ජා හිතුන,
Deleteපොඩි කාලේ මටත් ටිකක් කේන්ති යනවා , දැන්නම් ටික ටික බැලන්ස් වගේ, අපි අපේ අඩුපාඩු අපි විසින්ම දකිනවනම් එතන තමයි සාර්ථකත්වය තියෙන්නේ, කළමනාකරණයේදී තියෙනවා swot විශ්ලේෂණය කියල එකක්, විද්‍යා,ගණිත,කලා කාරයන්ගේ දැනගැනීම සදහා දාන්නම්කො පොස්ට් එකක්.
මාරකයක්නේ පැනල තියෙන්නේ
ReplyDeleteකුමා වෙඩි කා නසී කියල ලංකාදීපේ යන්න තිබ්බ කෙස් එකක් අටම්පහුර මේ.
Deleteඋස්සලා තියෙන්නේ කිව්වම ඉතින් මල පනින්නේ නැද්ද? උඹ ඊට පස්සේ හොයලා බැලුවේ නැද්ද මොකද වුනේ කියලා
ReplyDeleteකිසිම අව්ලක් උනේ නැ, මාව හොදටම විස්වාසයි. තමන්ගේ පාඩුවේ වැඩක් බලාගෙන ඉන්න කොල්ලනේ. හොර බොරු වංචා නැ නෙ,
Deleteගොඩක් වටින කතාවක් මේවගේ දේවල් නොවෙන්න වැඩකරන එකෙන් අපිට ජීවිතේ ඇතිවෙන්න තියෙන ගොඩක් මානසික ගැටලු අවම කර ගන්න පුලුවන් වෙවි
ReplyDeleteඒක ඇත්ත, ප්‍රස්නයක් උනාට පස්සේ විසදුම් හොයනවට වඩා , ඒක වෙන්න කලින් වලක්වගන්න එකයි කරන්න ඕන.
ReplyDelete