Friday, February 14, 2014

මම පවූලක් කඩන්නට ගොස්, අනූනමයෙන් බේරුනෙමි.

            

                          පෙබරවාරි 14 වැලන්ටයින්  දිනයයි. වැලන්ටයින්  දිනය වෙනුවෙන් කීපදෙනෙකුම අපූරු  නිර්මාණ ඉදිරිපත් කර තිබිණි. එම නිර්මාණ දැකීමෙන් මම සතුටට පත් උනෙමි. ආදරය පිලිබදව හරවත්ව දකින තරුණ පිරිසක් ද  අද සිටින බව ඒ තුලින් තහවුරු විය. වැලන්ටයින් දිනය අද වාණිජ කරණය වී හමාරය. ආදරය තුල විස්වාසය යන වචනයට විශාල වටිනාකමක් ඇත. විස්වාසය නැති තැන  ආදරය නැත. ආදරය කරන කාලයේ සිට අප මියයන තෙක්ම විස්වාසය රැකිය යුතුය. මෙයට ප්‍රතිවිරුද්ධ වචනය අවිස්වාසයයි.  ඒ හැම විටම සැකය ඇති විම තුලිනි. දෙදෙනෙකු තුල අන්නොන්ය අවබෝදය ඉතා වැදගත්ය. සැකය නිසා පවූල්  ජිවිත අවුල් වූ අවස්ථා අප ඕනෑතරම් අසා තිබේ.

         ඔබ නිවසේ නැති රාත්‍රියක බිරිදගේ නිදන කාමරයෙන් රාත්‍රී 11 ට පමණ පිරිමි කටහඩක් ඇසුනොත් ඔබට ඇතිවන ක්ෂණික කෝපය , ආවේගය කොතරම්ද?. ඒ තුලින් ඇතිවන සැකයේ ප්‍රබලත්වය  විවාහ දිවිය විනාශ වීමට ද  බලපානු ඇත. මම අද  ලියන කෙටි කතාව එවැනි  අත්දැකීමකි.

           මම මීට වසර 7 කට පමණ පෙර  කිරුලපන ප්‍රදේශයේ එක්තරා පුද්ගලික ආයතනයක සේවය කලෙමි. මා නැවතී සිටියේ කිරිබත්ගොඩ  නැදෑ වෙන අපේ අක්කා කෙනෙකුගේ ගෙදරය. එහි මට වඩා අවුරුදු  7ක පමණ බාල නෑදැවෙන පුතෙකුද,  නැවතී සිටියේය. ඊට අමතරව පුද්ගලික රෝහලක හෙද නංගි කෙනෙකුද නැවතී සිටියාය.

          අක්කා ට අවරුදු  2ක් පමණ කුඩා පුතෙකුද සිටි අතර  සැමියා පොලිසියේ රාජකාරි කරන ලදී. අක්කා මට වඩා අවරුදු  4ක් පමණ වැඩිමල්ය. ඇය කුඩා කල අප සමග එකට සෙල්ලම්කල  කෙනෙක් වූ අතර  ඇතැම් දිනවල  මා සමග එකම ඇදේ නිදාගත් අවස්ථාද ඇත.     ඒ පුන්චි කලේ හොදේ.

       එදා ඉරිදා දිනයක් විය. මම නිවසේ සිට බෝඩිමට යනවිට හවස 6.30 පමණ විය. සිටියේ  අක්කා සහ පුතා පමණි. එදා හෙද නංගි ගේ රාත්‍රී වැඩ මුරයයි. අයියාද එසේමය. පුත්‍රයාද එසේමය. එදා මම නොපැමිණියේ නම් අක්කා කුඩා පුතු සමග  තනිවම රාත්‍රිය ගතකරන්නට  සිදුව තිබු දිනයකි. අක්කා මගේ දුරකතනයට ඇමතුම් ගත්තද එය අසාර්ථක වි ඇත. දුරකථනය මම ගෙදර අමතක කර දමා පැමිණ ඇත. මම බෝඩිමට පැමිණි විට  අයගේ මුනට  එළියක්  ලැබුණු බව මට මතකය.

      රාත්‍රී 9.30 ට විතර නිදාගන්නට  ගිය විට යි මට මතක් උනේ උදේට එලාම් තියන්න  පෝන් එකක් නැති බව.

මම අක්කා ඇමතුවෙමි.

අක්කේ හරි වැඩේනේ  මගේ පොනේ එක ගෙදර අමතක උනානේ.
එලාම් තියෙන ඔරලෝසුවක් තියෙනවද? ඇසුවෙමි.

ඔරලෝසුවක් නැනේ මල්ලි , මගේ පෝන් එක දෙන්නද ඇසිය. මට වෙන විකල්පයක් නොවිය. මම නැවත ගෙදර යන්නේ ලබන සතියේය . සතියක්ම දැන් මේ දුක විදින්නට වෙනවාය.

කමක් නැද්ද අක්කේ? . අයිය කෝල් කරයිද ?.

කමක් නැ. ඔයා වෙලාව තියාගන්නකෝ  කියා දුරකථනය මා ඇත තැබිය.

          මම වෙලාව තබා දුරකථනය කොට්ට්ටය ලග තබා නිදාගත්තෙමි. නුවර සිට කොළඹට සෙනග වැඩිම වෙලාව ඉරිදා සවසයි. හිටගෙනම ආ නිසා මහන්සියටත් එක්ක මට ඉක්මනින්ම නින්ද ගියේය.

එක පාරටම දුරකථනය නාද වෙන්නට විය.මම සිතුවේ එලාම් එක වදිනවා කියාය. නැත .අයියගෙන් කෝල් එකකි. වෙලාව රාත්‍රී 11 පසු වි තිබිණ. මම වහා අක්කාගේ කාමරය දෙසට දිව යන ලදී.

අක්කේ අක්කේ අයියගෙන් කෝල් එකක් කියමින් ගියෙමි. 
මට එකවර කාමරය තුලට යාමට සිත් දුන්නේ නැත. ඇය නැගිට ආවාය. ඒ වනවිට දුරකථනය බොහෝ වෙලාවක් නද වෙමින් තිබුන නිසා කට්  වේ යයි සිතා  ok බොත්තම ඔබා    "උස්සලා තියෙන්නේ කියමින් " අක්කාට දුන්නෙමි.  ඒ ය නැවත පිළිතුරු දීමට ගොස්  කට් කරගැනී යන බය නිසාය. එය කියපු අකාරය අවවාදාත්මක ප්‍රාකාශයක් බදු විය.

අවාසනාවක මහත.

 අයියාට එය ඇසිණ.

        අයිය උස මහතා කළු හැඩිදැඩි සිරුරක්  ඇති කෙනෙකි . දැක්ක විට බිය උපදවන සුළු ගම්භිර පෙනුමකින් යුත් පොලිසියටම ගැලපෙන පෙනුමකින් යුත් කෙනෙකි.

අක්ක හෙලෝ කීවාය. අයියාට යකා නැග්ගේය. දැන් අයිය ෆයර් විය.

මට හීන්  දාඩිය දැම්මේය.

මොකාද ඔතන ඉන්න එකා?. අක්කාට උත්තර දෙන්නට අවස්තාවක් නැත. අයියා බැනගෙන බැනගෙන යයි. මම මාර අසරණ විය. සියල්ල මම නිසාය.

මම මෙය නිවැරදි කරන්නට ගියහොත් ඇවිලෙන ගින්නට පිදුරු දැම්මා වැනිය. ඉන් ඇතිවන තත්වය මට මැවී පෙනින.

ඔහු ඇත ගිනි අවියක් ඇත. ක්ෂණික කෝපය නිසා ඔහු එය ඔහුටම එල්ල කර ගැනීමේ හැකියාව ඇත. නැතහොත් ඉන් අනිත් පැත්තයි.

අක්කාගේ වරදක්ද නැත. මගේ වරදක්ද නැත. අයියාගේ වරදක්ද නැත . ඔහුද සාදාරණය. සියල්ල තීරණය වන්නේ  අන්නොන්ය විස්වාසය මතය.

විශාල කාලගොස්ටියකි.

මේ මල්ලි, මල්ලි , අපේ මල්ලි, යයි අක්කා කියයි. එතනින් එහාට කියන්නට  අවස්තාවක් නැත.

අක්කා අසරණය. මම අක්කා දෙස බැලුවෙමි. මා ලග සිටි නිසා අක්කා පිළිතුරු දිමෙමට මැලිකමක් දක්වනවා යයිද මට සිතින. මම ඉන් ඉවත් උනෙමි. දෙදෙනාට  ගැටලුව විසදාගන්නට දී මම බලා සිටියෙමි. මම දෙලොවක් අතරය.

පැය කාලකට පමණ පසු සිද්දිය ඔහුට තේරුම් කර දීමට අක්කාට හැකිවිය.

අක්කා මට මල්ලි යයි කතා කලාය. මම ලගට ගියෙමි.
මෙන්න පෝන් එක වෙලාව තියාගන්න කියා දුරකථනය මා අත තැබිය.

     මම අක්කා දෙස බැලුවෙමි. ඇය කිසිවක් සිදු නොවුනාසේ සිටීමට උත්සහ කරනු පෙනිණ. ඇයව මෝහතකටවත් අයියා විසින් අවිශ්වාස කල බව පෙන්නීමට අකමැති බව මට වැටහිණ. මම ඇයට බාද නොකර  "හා අක්කේ " කියා දුරකතනයද රැගෙන මගේ කාමරයට ගියේය. අප තිදෙනා මේ වන තුරුත් ඒ ගැන නැවත කතා නොකලේය. අපි අපිව තේරුම් ගත්තෙමු.


         අප භාහිරින් දකින දෙයට වඩා ගැටලුවේ ඇතුලාන්තය සම්පුර්ණයෙන්ම වෙනස්ය.ක්ෂණික කෝපය තුල අයිය කටයුතු කලානම් විශාල විනාසයක් වීමට ඉඩ තිබිණ. සැම විටම බුද්හිධියට ඉද දිය යුතුය. හැගීමට වහල් නොවිය යුතුය. ගැටළුවක් විසදීමට සාදාරණ කාලයක් ගත යුතුය. එවිට සුදුසුම හා නිවැරදිම විසදුම ඔබට නිසැකවම ලැබෙනු ඇත. 

Monday, February 3, 2014

රජීව් ගාන්ධිට තුවක්කු බට ප්‍රහාරයක් - ඉන්දියන් හමුදාව හා පොල්තෙල්.

                       
                  
                     
    ''ජේ.ආර්.ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරපු එකට ප්‍රේමදාස මැතිතුමා තදින් විරුද්ද උනා. රට පුරා කළු කොඩි දැම්මා . එදා ප්‍රේමදාස මහත්තයා කොලැබ්න් පිට තැනක හිටියේ. අපටනම් ප්‍රේමදාස මහත්තයා කිවේ මේක අත්සන් කරන එක මට කිවේ නැනේ , එහෙනම් මාත් යනවා කියල. කලින් ගිවිසුම ගැන ප්‍රේමදාසට ආරාධනා කලානම් එතුමා යන්න ඉඩ තිබුනා. නමුත් මේක නිසා රජීව් ගාන්දි එක්ක අමනාපයක් තිබුනේ නැ . එතුමා නවදිල්ලි ගිහින් රජීව් ව සුහදව හමුඋනා.නමුත් ජනතාව තුල ඉන්දියන් හමුදාවට තිබුණු අප්‍රසාදය උඩ ප්‍රේමදාස ජනපති උන ගමන් කලේ ඉන්දියන් හමුදාව යවපු එක.''

                                                        ''ප්‍රේමදාස ජනපතිගේ පුද්ගලික ලේකම් එෆ්.ඩි.බාලසුරිය මහතා.'' කල ප්‍රකාශයකි. ජයරුප අන්තර්ජාලයෙනි.

                  ගිවිසුම අත්සන් කලා මොහොත.

                          ප්‍රහාරය එල්ලකළ සෙබල අත්අඩංගුවට.


                  මෙය පසුගිය ඉරිදා ලංකාදීප පත්‍රයේ පල වූ සාකච්චාවක කොටසකි . මෙම සාකච්චාවේදී කියවූ මට අපුරු කතාවක් මතක් විය. කෙසේ නමුත් ඉන් දී යන්  හමුදාව මෙරටට ගෙන්වා ගත්තේද ඔවුන් මය , පලව හැරියේද  ඔවුන් මය.මෙරටට ත්‍රස්තවාදය සදහා මුල සිටම උදව් උපකාර කලා රටක් ලෙස ඉන්දියාව හැදින්වුවහොත් එය නිවැරදිය.මෙය සමස්ත ඉන්දියාවටම අදාල නොවුනද දකුණු ඉන්දියාවට ඇගිල්ල දික්කිරිම  වැඩ යෝග්‍ය  යයි මගේ අදහසයි. ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ද දේශපාලන උප්පරවැට්ටි එමටය. ලංකාවේ මෙන්ම ඉන්දියාවේද තම බලය වෙනුවෙන් ඕනෑම ජරා වැඩක් කිරීම තම දේශපාලන සංස්කෘතිය කරගෙන ඇත.ජන්දයක් ලන්වනවිට මෙය මනාවට පිළිබිඹු වේ.

                     දකුණු ඉන්දියානුවන් වැඩි පිරිසක් චුන් කල බෝනික්කන් වැනිය. චූන් වන්නේ ජනතාවයි. චූන් කරන්නේ දේශපාලකයාය.  අභ්‍යන්තර ප්‍රස්නයක් මත තම ජනතාව චූන් කලද අපට ප්‍රස්නයක්  නැත. ප්‍රශ්නය වන්නේ අල්ලපු ගෙදර මහින්ද නිසා ජයලලිතා චූන් වීමය. විය යුත්තේ එසේ නොවේ. කරුණානිදි නිසා ජයලලිතා චූන් වීමය. තරගය ඇත්තේ ඔවුන් දෙදෙනා අතරය. නමුත් ඔවුන් එකම ජන කොටසක කොටස්කරුවන්ය. ඔවුන්ට තම ප්‍රාන්තයේ ගැටළු විසදීමට උවමනාවක් නැත. ඉන්දියාවෙන් 75% පමණ  අන්ත දිලිදු ජනතාවක් වාසය කරයි. ශාපෙක්ෂාව බලන කල යාපනයට වඩා දිලිදුය.

                තම ජනතාව අවුස්සමින් තම බලය රැක  ගැනීමේ මෙහෙයුමක  නිරතව සිටී. අලුත්ම පිල්ලිය කරුනනිදිගේ දියනියයි. ඉවක් බවක් නොමැතිව තම පියා මෙන් දෙමල ජනතාව අවුස්සයි. ඇතැමුන් ශ්‍රී ලංකාවේ දෙමල ජනතාව  වෙනුවෙන් කියා සිරුරට ගිනි තබා ගනී. මේවට අනුබල දෙන්නේද මොවුන්මය. තම ජනතාවට අධ්‍යාපනය වෙනුවට නිතරම ආරෝපණය කරන්නේ වෙරයයි. එවිට තමන් ඉන්න ස්ථානයද අමතක වේ. ජය පරාජය විදදරා ගැනීම පවා ඔවුන්ට කලා නොහැක. මෙය ක්‍රිකට් ක්‍රීඩාව තුලින් පෙන්නුම් කර හමාරය.
           
අද ශ්‍රී ලංකාවේ නිදහස් දිනයයි. තම දිවි පරදුවට තබා නිදහස වෙනුවෙන් සටන් කල අපගේ  විරුවන්ට උපහාරය පුද කිරීමටද මා මෙය අවස්ථාවක් කර ගනිමි. එය අප සදා අමතක නොකරමු. මතු පරපුරටද අප එය නිසි ලෙස මතක් කර දිය යුතුව ඇත. ඒ එදා ඔවුන් ක්‍රියා කලා ආකාරය නිසාවෙනි.
ඉන්දියාවෙන් බිහිවූ ශ්‍රේෂ්ඨ යුග පුර්ශයකු වූ මහත්මා ගාන්ධ් චින්තනය අද ඔවුන් අනුගමනය කරනවාද යන්න ගැටලුවකි. එය අද භාවිතා කරන්නේ වෙනත් රටවල්ය.ඉන්දියානු නිදහස් සටනේ නායකයකු තම ජනතාවට දුන් උපදේශයක් මට මතක් විය. එනම් දුටු තැන කක්කා කිරීමය. දුටු තැන  චූ කිරීමය. ඒ ඉංග්‍රීසින්ට තම රට සහ ජනතාව එපා කර වීමේ අදහසිනි. එය නම් අකුරටම ඉටු කරන ලදී. ඉන්දියාවෙන් සුද්දන් පන්නා දැන් වසර 60 කටත් වැඩිය. නමුත් තවමත් ඔවුන් දුටු තැන කක්කා කරයි, චූ කරයි. මහපාරේ එළිපිට තවමත් මෙය සිදුවේ.

               ජයලලිතලට සහ කරුණානිදිට පළමුව කල යුත්තේ ජනතාවට චාරය කියා දීමය. වැසිකිලි ටිකක් හදා දීමය. කක්කා කරන ආකාරය කියා දීමය. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩකලා යයි බොරු චෝදනා නොකර තම ජනතාවට සේවය කිරීමය.
               එල්.ටි.ටි.ය  රජිව් ගාතනය හමුවේ ජනතා විරෝදය.

              ඇතැම් අවස්ථා වලදී අහක යන නයි රෙද්ද අස්සේ දා ගත්තේය. නයින්ට කිරිපොවා ඇති කලෙය. පසුව කනවෝ කනවෝ කියා  කැ ගැසිය. ඒ ලංකාවට අත ගැසීම නිසාය.ඉන්දියන් හමුදාව ලංකාවට එවන ලදී. අහසින් පරිප්පු දෑමූ බවද අප අසා ඇත.

               මේ කෙටිකතාව ලියන්නට හිතුනේ ඉන්දියන් හමුදාව මෙරටට පැමිණ කල විනාසය මම ඇස් දෙකෙන්ම  දැක ඇති නිසාය.මා ඉතා කුඩා කල සිටියා උවද තවමත් මතකය. අප පාසලේ තිබුනේ ගොඩනැගිලි දෙකකි. එහි රාත්‍රිය ගතකලේ ඉන්දියන් හමුදාවයි. දිවා කාලයේ අප අධ්‍යාපනය හදාරන ලදී. උදෙන්ම පාසලට ගොස් කලා යුතු පළමු රාජකාරිය කානු සුද්ද කිරිමයි. ඔවුන්ගේ ප්‍රියතම පානය පොල්තෙල්ය, අහාරය සබන්ය.සබන් කා පොල්තෙල් බොයි.කෑදර කමේ අඩුවක් නැතිය. දිනක එක්තරා පුවත් පතක ලිපියක් කියවුවෙමි. එහි සදහන් වුයේ එකල ඉන්දියන් හමුදාවට කල් ඉකුත් වූ ටින් ආහාර ලබාදී ඇති බවකි. ඒ සම්බන්දව පරීක්ෂණයක් කලා බවද සදහන් විය. ජරාව කා බී  කාණුවල බොක දමා , වමනය දමා තිබිණි. පොල්තෙල් නිසා කොපමණ සේදුවත් වැඩක් නැතිය.

                     මොවුන් තව වසර දෙක තුනක් මෙරට හිටියානම් අපගේ අහිංසක කාන්තාවන්ට දාව ඉන්දියානු පැටවුන් පිරිසක් බෝ කර යාමේ අවදානම තිබිණ.කාන්තාවන්ට කලා හිරිහැර ලියන්නට අකමැතිය. මෙවන් හිංසාවන් සිදු වුයේ අපගේ බලදරයන්ගේ වැරදි තීරණ නිසාය. ගෙන්වා ගත්තේද ඔවුන්මය. යව්වේද  ඔවුන්මය. ව්දෙව්වේ ජනතාවයි. අශ්වයා පැනගිය පසු ඉස්තාලය වසා වැඩක් නැත. නමුත් සිදු වි හමාරය. දැන් ඇත්තේ ඉදිරිය බැලීමය. අපි අපේ ගමන ඉදිරියටම යමු.

                               ජය ලලිතනි ඔහොම යන්,
                               කරුණානිදි ඔහොම යන්,
                               හැරමිටියෙන් යනෙන කලට ,
                               නෙලුම් කුලුනේ නැග ඉහලට ,
                               සදළුතලෙන් එබි බලනු ,
                              ලොකු අයියගේ පිලේ පැදුර.

                             ජය ලලිතනි ජය වේවා!!

                             කරුණානිදිට ජය වේවා!!............