මාගේ දශක තුනක් වූ ජිවන ගමන් මගේ පළමු දශක එක හමාර ගෙවී ගියේ අම්පාර නගරයේ සිට කිලෝමීටර් 22 ඇතින් වූ ඇති දුෂ්කර මෙන්ම නිරන්තරයෙන් ත්‍රස්තවාදී ප්‍රහාරයන්ට ලක්වූ මායිම් ගම්මානයක කෙලවරකය. එහි ගෙවූ ජීවිතය දුෂ්කර වුවද එහිදී ලබාගත් අත්දැකීම් ඉතා විශාලය. පළමු වසර 15 මගේ දෙවන වසර 15 ට වඩා ඉතා දීර්ග යයි මට සිතේ. එනම් මගේ අවසන් කාලය , කාලය විසින් සොරගත්තේ කෙසේදැයි මාවත් නොදනී. පුද්ගලයකු ගැටළු ප්‍රශ්න මත ජිවත්වන විට අපට නොදනීම කාලය ගත වන බව විටෙක මට සිතේ. ඇතැමුන් සියලු ප්‍රශ්න කාලයට බාරදී ඔහේ බලා සිටින අවස්තාද ඒමට ඇත. එහි ඇති කාර්යක්ෂමතාවය හා පලදායිතාවය කෙසේ වුවද පාලනය කලා නොහැකි සාධකය වන්නේ කාලයයි. එය කළමනාකරණය කල යුත්තේ අපයි .
අද මම ලියන කෙටි කතාව මීට වසර 25 කට පෙර සිදුවූ සිද්දියකි. එනම් මාගේ පළමු පාසල් ගමන හා බැදුණු රසබර සිද්දියකි. මාගේ තාත්තා ගමේ සමජසේවක්යෙක් වන අතර ස්වේච්චාවෙන් සියලු කටයුතුවලට මුලිකත්වය දෙමින් කටයුතු කල කෙනෙකි.එම නිසා ගම්මානයක කෙළවරක පිහිටා තිබු පාසලේ විදුහල්පති තුමියත් සමාජ සේවා කටයුතු වලට දායකත්වය ලබා දෙමින් කටයුතු කල කෙනෙකි.මෙම අදුනුම් කම මත මා නියමිත කාලයට වසරකට පෙර පාසලට ඇතුලත් කිරීමට හැකිවිය. එකල පෙරපාසල යන වචනය වත් අප ගමේ වැසියන්ගේ වචන මාලාවේ ඇතුලත් නොවිණි. පාසැල පවත්වාගෙන යාමද මහත් අසීරු කටයුත්තක් වුයේ ළමුන් පාසලට ගෙන්වාගැනීමට තිබු අසිරුතවයයි . මෙසේ වීමට ප්‍රධනතම හේතුව කුඩා කාලයේම ගොවිතැන් කටයුතු සදහා යොමුකරවීමට තම වැඩිහිටියන් කටයුතු කල බැවිනි.
ඒ අනුව බලන කල අපේ තාත්ත කටයුතු කල ආකාරය ඊට හාත්පසින්ම වෙනස්ය. මෙවැනි පරිසරයක් තුල මා පාසැල වෙත බර දීමට ඊට සතියකට පෙර සිට සුදානම් විය. මුලින්ම කලේ ටේලර් මාමට කියා සුදු කමිසයක් හා නිල් කලිසමක් මැසිමය. වතුර බෝතලයක්, පාසල් බැගයක් ,අභ්‍යාස පොත් කීපයක්, පන්සලක් , මකනයක් ද එම උපකරණ කට්ටලයට අයත් විය. පැන්සල දෙකට කපා පැන්සල් දෙකක් බවට පත් කළේය .
නියමිත දිනයේ කිරිබත් කා තාත්තාද සමග පාසලට පිටත් විය. අප පාසලට ගිය විට විදුහල්පති තුමිය අප දෙදෙනා සුහදව පිළිගන්නා ලදී. මම බුලත් හුරුල්ල විදුහල්පති තුමියට දී දණගසා වැන්දෙමි. ඒ අම්මා විසින් ගෙදරදී දුන් උපදෙස්වලට හා තාත්තාගේ අණට අනුවය. එසැනින් තාත්තා ගාවට ආවෙමි. ඇගේ කටහඩ ගොරෝසුය.
ආ පුතා කොහොමද ? ,,,
මොකක්ද ඔයාගේ නම ?,,,
මම බිරාන්ත වි බලාසිටියෙමි.
නම කියන්න ටිචට තාත්ත අනකරන ලදී. කුමා යි නැසෙන හඩින් මම කීවෙමි.
ඇය චුට්ටා මල්ලි අයියට කෝටුපාර දුන් හැටි ඔහු මා සමග පෙර දිනක කි හැටි මතක් විය.
මම ටිකෙන් ටික ආපස්සට පැමිණ තාත්තට මුවා උනෙමි.
අයියෝ මොකද පුතා බයද , බය වෙන්න එපා ,
ඉන්නකෝ මම ඔයාට පොඩි බඩුවක් දෙන්න කියා ඇය පුටුවෙන් නැගිට පිටුපස වූ පෙට්ටියකට ඇත දමා මාරි අහුරක් අතට ගත්තාය.
මම පුටුවක හිද සිටි තාත්තාගේ කරට ඉහලින් ඒ දෙස බල සිටියෙමි.
ඇය නැවත පැමිණ පුටුවේ ඉද ගත්තාය.
පුතා මාරි කනවද. හැමදාම ඉස්කෝලේ අවොත් බිස්කට් කන්න පුලුවන් , යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන් යයි කියාගෙන ගියා මට මතකය.
මා ටිකෙන් ටික ඇ වෙත ලංවී අත දිගු කලෙමි.
ඉතා ඉක්මනින්ම ඇය මා මිතුරු කර ගත්තාය.
'' අ'' අකුරද ඒ මොහොතේ ඇය විසින් ලියවන ලදී.
මේ මගේ පළමු පාසල් ගමනයි. එය පය බාගයකට සීමා විය.තාත්තා සමග නැවත ගෙදර ආවෙමි.
නිවසට ලංවන විට පාර දෙස නොඉවසිල්ලෙන් බලාසිටින අම්මා මා ඈත තියාම දැක්කෙමි.
අම්මේ මට ටීචර් බිස්කටුත් දුන්නා කියා මම ඈත සිටම කැ ගැසුවෙමි.
පසුදින සිට මම අපේ ගමේ ගැන්සිය සමග පාසල් යැවීමට අම්මා තීරණය කලාය.චුට්ට මල්ලි අය්යලගේ ගෙදර තුන් දෙනෙක්ම පාසල් යයි. එදින හවසම අම්මාද සමග මම චුට්ට මල්ලි අය්යලගේ ගෙදර ගියෙමු.
එදින සිට මමද පාසල්යන ගැන්සියේ සාමාජිකයෙකි.
පසුදින වෙනදාටත් වැඩ උදෙන්ම නැගිට ලෑස්ති වි චුට්ට මල්ලි අය්යලගේ ගෙදරට ගොස් ගැන්සියට සෙට් විය.
පාසලට ගොස් චුට්ට මල්ලි අය්යගේ එක වසර පන්තියේ ඔහු අසලම වා ඩි විය.
දැන් ටීචර් පන්තියට ආවාය.
ටිචර් කලුලල්ලේ එක එක ජාතියේ අකුරු ලියන්න පටන්ගත්තාය..මම කවදාවත් අකුරු ලියා නැත.
මම වටපිට බැලුවෙමි. සියල්ලෝම අකුරු ලියයි, ඇතැමුන් මකමකා අකුරු ලියයි.
මම බිරාන්ත වි බල සිටියෙමි.
මේසය උඩ පොත දිග අර ඇත. පන්සලේ නැවුම් සුවද මගේ නහයට දැනේ . එපමණකි.
ටීචර් අකුරු පේලියක් කලුලල්ලේ ලියා යන්නට ගියාය.
මම පොතේ කිසිවක් ලියා නැත .
එක පාරටම මගේ අනිත් පැත්තේ සිටි අයිය කැගැසිය.
කෝ ඔයා ලියන නැත්ද. මොකද ලියන්නැත්තේ.
මම අකුරු ලියන්න දන්නේ නැ. මම කීවෙමි.
ආ එහෙනම් හම්බෙයි සබ්බුව ,,,හම්බෙයි සබ්බුව ,,, ඔහු අනතුරු ඇගවීමක් කරන ලදී.
සබ්බුව යනු දඩුවම් දෙන ක්‍රමයක් යයි මට සිතේ. කොහොම උනත් කියපු ක්‍රමය අනුව එය දරුණුය.
මම බය උනෙමි . අඩේන්නට වගෙය.
මෙන්න මේ මල්ලි එකක් වත් ලියල නැ. ටීචර් අවොත් වදී කෝටුපාර .,,
චුට්ට මල්ලි අයියද තිගැස්සිණි.
මම අසරණ වි චුට්ට මල්ලි අයියා දෙස කදුළු පිරි දෑසින් අහිංසක ලෙස බැලුවෙමි.
මගේ ගැලවුම් කාරය ඔහුය. ඔහු කියන දෙයක් මම කල යුතුය.
ටීචර් පන්තියට පැමිණෙන ආකාරයත් මගෙන් ප්‍රශ්න කරන ආකාරයත් මට දැන් මැවී පෙනේ.
මට තාත්තා සිහිවිය.තාත්තා සිටියානම් මම බේරාගනු ඇත. ඒ විදුහල්පති තුමිය තාත්තාගේ මිතුරියක් නිසාය.
පන්ති භාර ගුරුවරිය වෙනත් කෙනෙකි.
මල්ලි කොහොම හරි ලියන්න . නැත්නම් ගුටි කන්න වෙයි. ඒ චුට්ට මල්ලි අයියාය. ඔහු එක අකුරක් ලිය පෙන්නුවේය,
මේ විදිහට ලියන්න.
මම උත්සහ කලෙමි, ලියන්නට බැරිය. මේවා රවූම් අකුරුය.අමුතුම ජාතියේ ඒවාය.එක අකුරක් ලියන්නට උත්සහ කලෙමි.පිටුවේ පළල මදිය.
චුට්ට මල්ලි අයියට කතා කලෙමි.
අයියේ මම ලියන්න දන්නේ නැ.
හා කමක් නැ, ඔය තාම පොඩිනේ,
එහෙනම් මල්ලි ඔය අර කලුලාල්ලට උඩින් බිත්තියේ ලියල තියෙන අකුරු ඔයාට පේනවද.
ඔව්. අයියේ.
ඒවා ලියල තියෙන්නේ අකුරු ලියන්න බැරි අයට ලියන්න, ඔය අලුත් පිටුවක් අරන් ඒ අකුරු ලියන්න.
ඒ අකුරු ලේසි නේද.
ඔව් අයියේ.
මම ඉතා විමසිල්ලෙන් බිත්තිය දෙස බැලුවෙමි .
ඇත්තටම ඒ අකුරු ලෙසිය. ඉහල සිට පහලට ඇද ඇති ඉරි වගයකි.ඇතැම් ඒවා තරමක් දිගය. ඇතැම් ඒවා කොටය. ඇතැම් ඒවා කුඩා තිතක් වගේය.
චුට්ට මල්ලි අයිය මාව ගොඩ දැම්මේය.
මම පිටුවක් පිරෙන්නම ලියාගෙන ගියෙමි.නැවතත් මම බිත්තිය දෙස බැලුවෙමි .
එක් වරම පරවියෙක් පියබා විත් බිත්තියේ ඉහල දාරය උඩ වැසුවාය. මාගේ ඇස පරවියා දෙසට යොමුව ඇත,
මා දැන් අකුරු ලිවිම පසෙක ලා පරවිය දෙස බලා සිටි. එක් වරම පරවියා වර්චෙස් පිඩක් හෙලා පියබා ගියේය. එම වර්චෙස් පිඩද බිත්තියේ ඉහල සිට පහලට තරමක් දිගට ඉරක් මෙන් සලකුණක් තැබුවාය.
මම ඒ අකුරද සමග පිටුව සම්පුර්ණ කලෙමි.
සිලින් සිලින් සිලින්න්,,,,,,,,,,,, බෙල් එක නාද විය.
මල්ලි දැන් අපිට බනිසසුයි කිරියි දෙන වෙලාව, කෝප්පේ අතට ගන්න.,,,,,,