පෙබරවාරි 14
වැලන්ටයින් දිනයයි. වැලන්ටයින් දිනය වෙනුවෙන් කීපදෙනෙකුම අපූරු නිර්මාණ ඉදිරිපත් කර තිබිණි. එම නිර්මාණ
දැකීමෙන් මම සතුටට පත් උනෙමි. ආදරය පිලිබදව හරවත්ව දකින තරුණ පිරිසක් ද අද සිටින බව ඒ තුලින් තහවුරු විය. වැලන්ටයින්
දිනය අද වාණිජ කරණය වී හමාරය. ආදරය තුල විස්වාසය යන වචනයට විශාල වටිනාකමක් ඇත.
විස්වාසය නැති තැන ආදරය නැත. ආදරය කරන
කාලයේ සිට අප මියයන තෙක්ම විස්වාසය රැකිය යුතුය. මෙයට ප්රතිවිරුද්ධ වචනය
අවිස්වාසයයි. ඒ හැම විටම සැකය ඇති විම
තුලිනි. දෙදෙනෙකු තුල අන්නොන්ය අවබෝදය ඉතා වැදගත්ය. සැකය නිසා පවූල් ජිවිත අවුල් වූ අවස්ථා අප ඕනෑතරම් අසා තිබේ.
ඔබ නිවසේ නැති රාත්රියක
බිරිදගේ නිදන කාමරයෙන් රාත්රී 11 ට පමණ පිරිමි කටහඩක් ඇසුනොත් ඔබට ඇතිවන ක්ෂණික
කෝපය , ආවේගය කොතරම්ද?. ඒ තුලින් ඇතිවන සැකයේ ප්රබලත්වය විවාහ දිවිය විනාශ වීමට ද බලපානු ඇත. මම අද ලියන කෙටි කතාව එවැනි අත්දැකීමකි.
මම මීට වසර 7 කට පමණ
පෙර කිරුලපන ප්රදේශයේ එක්තරා පුද්ගලික
ආයතනයක සේවය කලෙමි. මා නැවතී සිටියේ කිරිබත්ගොඩ
නැදෑ වෙන අපේ අක්කා කෙනෙකුගේ ගෙදරය. එහි මට වඩා අවුරුදු 7ක පමණ බාල නෑදැවෙන පුතෙකුද, නැවතී සිටියේය. ඊට අමතරව පුද්ගලික රෝහලක හෙද
නංගි කෙනෙකුද නැවතී සිටියාය.
අක්කා ට අවරුදු 2ක් පමණ කුඩා පුතෙකුද සිටි අතර සැමියා පොලිසියේ රාජකාරි කරන ලදී. අක්කා මට වඩා
අවරුදු 4ක් පමණ වැඩිමල්ය. ඇය කුඩා කල අප
සමග එකට සෙල්ලම්කල කෙනෙක් වූ අතර ඇතැම් දිනවල
මා සමග එකම ඇදේ නිදාගත් අවස්ථාද ඇත.
ඒ පුන්චි කලේ හොදේ.
එදා ඉරිදා දිනයක් විය.
මම නිවසේ සිට බෝඩිමට යනවිට හවස 6.30 පමණ විය. සිටියේ අක්කා සහ පුතා පමණි. එදා හෙද නංගි ගේ රාත්රී
වැඩ මුරයයි. අයියාද එසේමය. පුත්රයාද එසේමය. එදා මම නොපැමිණියේ නම් අක්කා කුඩා
පුතු සමග තනිවම රාත්රිය ගතකරන්නට සිදුව තිබු දිනයකි. අක්කා මගේ දුරකතනයට ඇමතුම්
ගත්තද එය අසාර්ථක වි ඇත. දුරකථනය මම ගෙදර අමතක කර දමා පැමිණ ඇත. මම බෝඩිමට පැමිණි
විට අයගේ මුනට එළියක්
ලැබුණු බව මට මතකය.
රාත්රී 9.30 ට විතර
නිදාගන්නට ගිය විට යි මට මතක් උනේ උදේට
එලාම් තියන්න පෝන් එකක් නැති බව.
මම අක්කා ඇමතුවෙමි.
අක්කේ හරි වැඩේනේ මගේ පොනේ එක ගෙදර අමතක උනානේ.
එලාම් තියෙන ඔරලෝසුවක්
තියෙනවද? ඇසුවෙමි.
ඔරලෝසුවක් නැනේ මල්ලි ,
මගේ පෝන් එක දෙන්නද ඇසිය. මට වෙන විකල්පයක් නොවිය. මම නැවත ගෙදර යන්නේ ලබන සතියේය
. සතියක්ම දැන් මේ දුක විදින්නට වෙනවාය.
කමක් නැද්ද අක්කේ? .
අයිය කෝල් කරයිද ?.
කමක් නැ. ඔයා වෙලාව
තියාගන්නකෝ කියා දුරකථනය මා ඇත තැබිය.
මම වෙලාව තබා දුරකථනය
කොට්ට්ටය ලග තබා නිදාගත්තෙමි. නුවර සිට කොළඹට සෙනග වැඩිම වෙලාව ඉරිදා සවසයි. හිටගෙනම
ආ නිසා මහන්සියටත් එක්ක මට ඉක්මනින්ම නින්ද ගියේය.
එක පාරටම දුරකථනය නාද වෙන්නට
විය.මම සිතුවේ එලාම් එක වදිනවා කියාය. නැත .අයියගෙන් කෝල් එකකි. වෙලාව රාත්රී 11
පසු වි තිබිණ. මම වහා අක්කාගේ කාමරය දෙසට දිව යන ලදී.
අක්කේ අක්කේ අයියගෙන්
කෝල් එකක් කියමින් ගියෙමි.
මට එකවර කාමරය තුලට යාමට සිත් දුන්නේ නැත. ඇය නැගිට
ආවාය. ඒ වනවිට දුරකථනය බොහෝ වෙලාවක් නද වෙමින් තිබුන නිසා කට් වේ යයි සිතා
ok බොත්තම ඔබා "උස්සලා තියෙන්නේ කියමින් " අක්කාට
දුන්නෙමි. ඒ ය නැවත පිළිතුරු දීමට
ගොස් කට් කරගැනී යන බය නිසාය. එය කියපු
අකාරය අවවාදාත්මක ප්රාකාශයක් බදු විය.
අවාසනාවක මහත.
අයියාට එය ඇසිණ.
අයිය උස මහතා කළු
හැඩිදැඩි සිරුරක් ඇති කෙනෙකි . දැක්ක විට
බිය උපදවන සුළු ගම්භිර පෙනුමකින් යුත් පොලිසියටම ගැලපෙන පෙනුමකින් යුත් කෙනෙකි.
අක්ක හෙලෝ කීවාය. අයියාට
යකා නැග්ගේය. දැන් අයිය ෆයර් විය.
මට හීන් දාඩිය දැම්මේය.
මොකාද ඔතන ඉන්න එකා?.
අක්කාට උත්තර දෙන්නට අවස්තාවක් නැත. අයියා බැනගෙන බැනගෙන යයි. මම මාර අසරණ විය.
සියල්ල මම නිසාය.
මම මෙය නිවැරදි කරන්නට
ගියහොත් ඇවිලෙන ගින්නට පිදුරු දැම්මා වැනිය. ඉන් ඇතිවන තත්වය මට මැවී පෙනින.
ඔහු ඇත ගිනි අවියක් ඇත.
ක්ෂණික කෝපය නිසා ඔහු එය ඔහුටම එල්ල කර ගැනීමේ හැකියාව ඇත. නැතහොත් ඉන් අනිත්
පැත්තයි.
අක්කාගේ වරදක්ද නැත. මගේ
වරදක්ද නැත. අයියාගේ වරදක්ද නැත . ඔහුද සාදාරණය. සියල්ල තීරණය වන්නේ අන්නොන්ය විස්වාසය මතය.
විශාල කාලගොස්ටියකි.
මේ මල්ලි, මල්ලි , අපේ
මල්ලි, යයි අක්කා කියයි. එතනින් එහාට කියන්නට අවස්තාවක් නැත.
අක්කා අසරණය. මම අක්කා
දෙස බැලුවෙමි. මා ලග සිටි නිසා අක්කා පිළිතුරු දිමෙමට මැලිකමක් දක්වනවා යයිද මට
සිතින. මම ඉන් ඉවත් උනෙමි. දෙදෙනාට ගැටලුව
විසදාගන්නට දී මම බලා සිටියෙමි. මම දෙලොවක් අතරය.
පැය කාලකට පමණ පසු
සිද්දිය ඔහුට තේරුම් කර දීමට අක්කාට හැකිවිය.
අක්කා මට මල්ලි යයි කතා
කලාය. මම ලගට ගියෙමි.
මෙන්න පෝන් එක වෙලාව
තියාගන්න කියා දුරකථනය මා අත තැබිය.
මම අක්කා දෙස බැලුවෙමි.
ඇය කිසිවක් සිදු නොවුනාසේ සිටීමට උත්සහ කරනු පෙනිණ. ඇයව මෝහතකටවත් අයියා විසින්
අවිශ්වාස කල බව පෙන්නීමට අකමැති බව මට වැටහිණ. මම ඇයට බාද නොකර "හා අක්කේ " කියා දුරකතනයද රැගෙන මගේ
කාමරයට ගියේය. අප තිදෙනා මේ වන තුරුත් ඒ ගැන නැවත කතා නොකලේය. අපි අපිව තේරුම්
ගත්තෙමු.
අප භාහිරින් දකින දෙයට
වඩා ගැටලුවේ ඇතුලාන්තය සම්පුර්ණයෙන්ම වෙනස්ය.ක්ෂණික කෝපය තුල අයිය කටයුතු කලානම්
විශාල විනාසයක් වීමට ඉඩ තිබිණ. සැම විටම බුද්හිධියට ඉද දිය යුතුය. හැගීමට වහල්
නොවිය යුතුය. ගැටළුවක් විසදීමට සාදාරණ කාලයක් ගත යුතුය. එවිට සුදුසුම හා නිවැරදිම
විසදුම ඔබට නිසැකවම ලැබෙනු ඇත.