Saturday, January 25, 2014

ආයුබෝවන්

ආයුබෝවන්.

                 මම ගොඩක් කල් ඉදල සිංහල බ්ලොග් කියවන කෙනෙක්, මුලින්ම කියවන්න ගත්තේ කතන්දර  බ්ලොග් එකයි. ඉන්පස්සේ ගොඩක් සිංහල බ්ලොග් වලට ලින්ක් ලැබුන. දිනපතා බ්ලොග් කියවන එක පුරුද්දක් බවට පත් උනා.
ඉතින් මටත් හිතුන බ්ලොග් එකක් ලියන්න. මම  මගේ අත්දැකීම් අලලා මගේම කෙටිකතා ලියන්න බලාපොරොත්තු වෙනවා.

මම කතන්දර අයියට මගේ අදහස ලියල ඊයක් යැවූවා. මෙන්න හැරෙන තැපෑලෙන් රිප්ලයි කරලා.
 මට මාතලන්ගේ පන්තියට යන්න පර කියල. මෙන්න ඊය. mail එක දැම්මට තරහ වෙන එකක් නැ කියල හිතනවා. 


හිතවත් කුමාර,

ඊ-මේලයට ස්තුතියි.

අළුතින් බ්ලොග් එකක් අරඹන්නට යන බව අසන්නට ලැබීම සතුටක්.

දැන් ඔබට ජී-මේල් ගිනුමක් තිබෙන නිසා හොදම ක්‍රමය නම් බ්ලොගර් සේවාව තුලින් බ්ලොගයක් ඇරඹීමයි. (වර්ඩ්ප්‍රෙස් සහ වෙනත් සේවා තියෙනවා, නමුත් බ්ලොගර් කරන්නේ ගූගල් ලා නිසා වැඩේ ලේසියි).

ඔබට ඇත්තේ වෙත www.blogger.com ගොස් ඔය ජී-මේල් ගිනුමට සම්බන්ධව බ්ලොගර් ගිනුමක් අරඹන එක විතරයි.

මට ඔබට උදව් කරන එකත් ඉතා ලේසියි. එක හේතුවක් තමයි, මේ ලඟදී අපේ හිතවත් බ්ලොග්කරුවෙක් වෙන මාතලන් බ්ලොග් හදන හැටි ගැන ලිපි පෙලක් ඇරඹූවා.

මෙන්න ඒකේ ඔබට අද අවශ්‍ය කොටසට පාර.

ප්‍රශ්න තිබේ නම් මට ඊයක් එවන්න. වැඩි අමාරුවක් වෙන එකක් නෑ.

-කතන්දරකාරයා


මුලින්ම දෙන්නටම ස්තුතිවන්ත වෙන්න ඕන, ඔයාලගේ උදව් නිසා තමයි  මම අද ඉදන් බ්ලොග් ලියන්නේ,
වැරදි තියේනම් පෙන්නලා දෙන්න.
ස්තුතියි.

මෙන්න මගේ පළමු බෝග,
//     http://kumageketikatha.blogspot.com/2014/01/blog-post_26.html

10 comments:

  1. මගේ සුභ පැතුම්.
    කෝ ඔය කෙටි කතාවකුත් දැම්මනම් බලන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කතන්දර, පොස්ට් එකක් සෙට් කරගෙන හිටියේ,එත් පොඩි ප්‍රස්නයක් අවා.ෆොටෝ up වෙන්නැති ලෙඩක් අව, මේ රිප්ලයි කරන්නේ ඔපෙරා වලින් ඇවිත්. ඉක්මනට දානවා.

      Delete
  2. Please remove 'worrd verification' to make it easy to comment.

    Maathalan - please add that to your next lesson.

    ReplyDelete
    Replies
    1. remove කරා දැන් හරිද,
      පොස්ට් එකක් දාලම මාතලන්ට ලින්ක් එක දෙනවා,

      Delete
  3. ඔන්න ඔයාව බ්ලොග් රෝලෙ එල්ලුවා. මගෙ බ්ලොග් එකනම් පටන් අරන් මාස 6,7ක් නිසා වැඩියෙ කියවන්න අය එන්නේ නෑ. කකා, මාතලන්, හැලප, නලින් වගේ අයගේ උදව් ඇතුව බ්ලොග් රෝල් සහ සින්ඩි වලින් බ්ලොග් එක ගැන පණිවුඩ‍යක් දෙන්න බලන්න.

    ReplyDelete
  4. ස්තුතියි,
    දැනුවත් කරාට , උත්සහ කරමු.

    ReplyDelete
  5. දිගටම ලියන්න ඔන්න මගේ තිඹිරිගෙයිත් එල්ලුවා

    ReplyDelete
  6. දිගටම ලියන්න හොද හොද පෝස්ට් ලියන්න හැකිවේවා කියල ප්‍රාර්ථනා කරනව

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුත්යි මහේෂ්

      Delete
  7. සුබ පැතුම් !! ලියන්නකො අපි එනව කියවන්න

    ReplyDelete